
රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඒ.එම්.ජේ.කේ.එන් අධිකාරි මහතා මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධක, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කෙරේ.
මධ්‍යම පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධක, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වීම ලද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඒ.එම්.ජේ.කේ.එන් අධිකාරි මහතා පසුගිය (20) මහනුවර පිහිටි එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී සුභ මොහොතින් වැඩ භාර ගනු ලැබීය.
මාතලේ දිස්ත්‍රික්කයේ උපත ලද ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිලිබඳ විශේෂ උපාධිය හා පශ්චාත් උපාධිය ලබා ගනිමින් පසුව ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වී ඇත.
සිය රාජකාරි කාලය තුළ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස (යටවත්ත), සමෘද්ධි සහකාර කොමසාරිස් ලෙස(මාතලේ) මෙන්ම ප්‍රාදේශීය ලේකම් (යටවත්ත)ලෙසත් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂවරයකු ලෙසත් මධ්‍යම පළාත් සභාවේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ලෙසත් සුවිශාල සේවාවක් කල ඒ මහතා , සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධක, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යාංශයේ නව ලේකම් තනතුරට පත්වීමට ප්‍රථම මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ලෙස කටයුතු කරන ලදී.
චීනය, ජපානය, තායිලන්තය, කොරියාව, සිංගප්පූරුව හා මැලේසියාව වැනි රටවල විශේෂ පුහුණු වීම් සහ සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ අධ්‍යනයන් සිදු කර ඇති ජගත් අධිකාරී මහතා පරිපාලන සේවයේ වසර 20 කට අධික කාලයක් සේවය කර ඇති අත්දැකීම් බහුල නිළධාරියෙකු වේ.