කාර්ය සාධන ඉලක්ක සපුරා ගැනීම තුළින් පාඨක සුභසාධනය ඉහළ නැංවීම මෙන්ම අනාගතයට ගැලපෙන පරිදි පුස්තකාල සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳව දැනුම හා අවබෝධය ලබාදීමේ අරමුණ ඇතිව සංවිධානය කරන ලද “පුස්තකාල කාර්ය සාධන තරඟ ජයගන්නේ කෙසේද” යන්න පිළිබඳව පුහුණු වැඩසටහනක් අද දින (13) නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.
පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත පළාත් පාලන සහකාර කොමසාරිස් සුනිල් හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ පළාත් පාලන ආයතන සතු පුස්තකාලවල කාර්ය මණ්ඩල නිළධාරින් වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහනේ සම්පත්දායකත්වය මහනුවර පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේ ප්‍රජා සංවර්ධන නිළධාරි කිත්සිරි බී දිසානායක මහතා විසින් ලබාදෙන ලදී.