රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ දී සම්මානිත වූ මධ්‍යම පළාතේ විශිෂ්ටයන් ඇගැයේ.

රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ දී සම්මානිත වූ මධ්‍යම පළාතේ විශිෂ්ටයන් ඇගැයේ.

රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියේ දී සම්මානිත වූ මධ්‍යම පළාතේ විශිෂ්ටයන් ඇගැයේ.

2021-22 අධ්‍යයන වර්ෂයේ පවත්වන ලද ජාතික රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලියට මධ්‍යම පළාතෙන් ඉදිරිපත් කරන ලද නිමවුම් අතුරින් නිර්මාණයන් 06 ක් ජාතික මට්ටමේ විශිෂ්ට නිර්මාණ ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වී ඇත.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ මල්ෂාන් රාජපක්ෂ , උසස් බාලිකා විද්‍යාලයේ උත්තරා මැදගොඩ හා අමාෂා පවනි වරුෂමාන, ගම්පොල ජිනරාජ බාලිකා විද්‍යාලයේ ආර්.එච්.මල්ෂා , කෙන්ගල්ල ජාතික පාසලේ පවර රොද්‍රිගු , රතනජෝති මහා විද්‍යාලයේ ආර්.වී.ඩී.ද සිල්වා සහ යන දරුවන් ඉදිරිපත් කල නව නිපැයුම් එහිදී විශිෂ්ට නිර්මාණ ලෙස සම්මානිත විය.

“ නව උත්පාදන බිහිකර අනාගතය ජය ගමු” යන්න තේමාව යටතේ සංවිධානය කල මෙම තරගාවලිය සදහා නිර්මාණ 400 ක් පමණ මධ්‍යම පලාතෙන් ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී විශිෂ්ඨ නිර්මාණ 06 ක් සහ කුසලතා ඇගයීම් 48 ක් මධ්‍යම පලාතට දිනා දීමට සමත් විය.

සම්මාන ලාභී දරුවන් ඇගයීමේ පළාත් වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා ගේ ප්‍රධානතත්වයෙන් ගුරු දෙනිය අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයේ දී පසුගිය දා පැවැත්විණ. මෙහිදී දරුවන්ගේ සියලු නිර්මාණය න් නිරීක්ෂණය කල ආණ්ඩුකාරවරයා ලෝකය වෙනස් කිරීමේ හැකියාව මෙම දරුවන් සතු බවත් වැඩිහිටි සමාජයේ වගකීම විය යුත්තේ ඔහුන්ට අවශ්‍ය පරිසරය සකසා දීම බවත් , පළාත් සභාවක් ලෙස මෙවන් දරුවන් ට අවශ්‍ය සියලු සහායන් ලබාදීමට කටයුතු කරන බවත් පැවසිය .

ඉතා කාලින වූ නිර්මාණ කෙරෙහි දරුවන් වැඩි නැඹුරු තාවයක් දරුවන් තුලින් ප්‍රදර්ශණය වීම ඉහලින් අගය කල ආණ්ඩුකාරවරයා ආහාර සුරක්ෂිතතාවය සහ කෘෂිකාර්මික සංවර්ධනය සදහා සකස් කල නිර්මාණයන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුර්ණ සහය ලබා ගනිමින් ජාතික ආහාර වැඩසටහන ශක්තිමත් කිරීමට භාවිතය ගැනීමට ඇති හැකියාව පිළිබද සොයා බලා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දන්වනු ලැබිය .

මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අචල පල්ලියගුරු, නව නිර්මාණ සහ පර්යේෂණ උපදේශක නලින් ඉන්දික යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් සහ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරින් , දෙමව්පියන් ද එක්විය. පළාත් අධ්‍යපන දෙපාර්තමේන්තුවේ විද්‍යා අධ්‍යයන අංශය මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබිය .

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook