
ආබාධ සහිත දරුවන් සඳහා මධ්‍යම පළාතේ ආරම්භ කර ඇති ‘Include’ අරමුදල පිළිබඳ විශේෂ සාකච්ඡාවක්.
ආබාධ සහිත දරුවන් සඳහා මධ්‍යම පළාතේ ආරම්භ කර ඇති ‘Include’ අරමුදල පිළිබඳ විශේෂ සාකච්ඡාවක්.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම අනුව මහනුවර දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක වන විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන හා විශේෂ අවශ්‍යතා වෙනුවෙන් වන 'include' අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා (21) පැවැත්විණි.
එහිදී අදාල වැඩසටහනේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු අතර, මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ කාලීනව ඉතා ඉහල වැදගත්කමක් උසුලන මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා පළාත් සභාවක් වශයෙන් අවශ්‍ය සියලු සහාය ලබාදෙන බවයි.
එසේම මෙම අරමුදල ශක්තිමත් කිරීමේ අරමුණින් රන්වල බලකාය සමග එක්ව ජුනි මස 24 වනදා මහනුවර සහස් උයන පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත ‘හන්තානෙට ගයමු’ප්‍රසංගය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් යනු සාමාන්‍ය මට්ටම යැයි පිළිගන්නා කායික හෝ මානසික හෝ බුද්ධීමය ප්‍රමිතීන්ට වඩා පහළ හෝ වඩා ඉහළ හෝ පුද්ගලයින්ය. එවන් පුද්ගලයින්ගේ සමාජීය ක්‍රියාකාරකම් සදහා ඉඩකඩ සැලසීමත් ඔවුන්ගේ අවශ්‍යතා පුර්ණය සදහා සමාජ ආරක්ෂණය අත්‍යාවශ්‍ය වන අතර සහකම්පනයෙන් යුක්තව ඔවුන්ගේ අවශ්‍යතා සැපිරීම සදහා වන මෙහෙයුම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ අධීක්ෂණයෙන්, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා මේ සදහා කැපවෙන බහු පාර්ශවයන්ගේ එකමුතුවෙන් සිදුකරන සමාජ සත්කාරයක් ලෙස දියත්වෙයි.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා ඇතුලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය, මහනුවර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ප්‍රතිකාර කිරීම පුළුල් කිරීමේ මධ්‍යම පළාත් සම්බන්ධීකාරක සුරංග ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද සහභාගි වූහ.