ගොඩනැගිලි ඉදිකිරීමට පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවෙන් උපදෙස් හා මඟ පෙන්වීම්.
දෙවසරකට පමණ පෙරාතුව මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් අවාසනාවන්ත ලෙස කුඩා දරුවකු ඇතුළු තිදෙනෙකු මිය යාමේ සිදුවීම සැලකිල්ලට ගෙන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් මහනුවර ප්‍රදේශයේ අවදානම් ගොඩනැගිලි පිළිබඳ සවිස්තර විද්‍යාත්මක වාර්තාවක් සම්පාදනය කිරීමේ වගකීම තමාට පැවරූ බවත්, එම වාර්තාවේ අන්තර්ගත මූලික ම නිර්දේශයක් පාදක කොට ගෙන ගොඩනැගිලි ඉදි කිරීම සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කරලීමේ විශේෂ වැඩසහනක් ‘ගොඩනැගිලි සායනය’ මැයෙන් සංවිධානය කරන බවත් මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ ඉංජිනේරු ඩබ්ලිව්.එම්.ඒ. වික්‍රමසිංහ මහතා පවස යි.
මේ සඳහා ආණ්ඩුකාර ගමගේ මහතාගේ උපදෙස් හා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ මඟ පෙන්වීම ලැබෙන බවද වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් කියා සිටී.
මෙම වැඩසටහන සෑම මසකම පළමු සතියේ බදාදා දින පෙරවරුවේ දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ඊට පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, නාගරික සංවර්ධන අධිකාරිය හා පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව යන ආයතන සම්බන්ධ වනු ඇත.
වැඩිදුර විස්තර 081 2228111 දුරකථන අංකය අමතා ලබා ගත හැකි ය.