ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය සැමරේ

ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය සැමරේ

ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය සැමරේ

දෙසැම්බර් මස 03 වනදාට යෙදුණු ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දින සැමරුම නිමිත්තෙන් ‘වී ෆො රයිට්’ (We for right) ආයතනය ‘බෙරෙන්ඩිනා’ (Berendina) ආයතනයේ අනුග්‍රහය සහිත ව සංවිධානය කළ විශේෂ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (14) මහනුවර ඊ. එල් සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහි විශේෂත්වයක් වූයේ මහනුවර දිස්ත්‍රික්කයේ වෙසෙන ආබාධ සහිත වූවන්ගේ ප්‍රවේශය පිළිබඳ ව කළ විගණනයේ වාර්තාව එළි දක්වා එහි මුල් පිටපත ආණ්ඩුකාර ගමගේ මහතා වෙත පිළිගැන්වීම ය. ආබාධ සහිත වූවනට අවශ්‍ය පහසුකම්, රැකවරණය, ඇගැයීම හා නව අවස්ථා සම්බන්ධයෙන් වූ කරුණු මෙහි අන්තර්ගත ය. මහනුවර නගරයේ හා මහනුවර දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කාර්යයන් හි දී මෙහි එන නිර්දේශ හා යෝජනා සලකා බලන ලෙස ‘වී ෆො රයිට්’ ආයතනය බලධාරීන් වෙතින් ඉල්ලා සිටී.

මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ ආබාධ සහිත වූවන් වෙනුවෙන් වසරේ එක් දිනක් නම් කළ ද, ඔවුනගේ යහ පැවැත්ම හා අරමුණු වෙනුවෙන් සෙසු දින ද වෙන් කළ යුතුව ඇති බව යි. ආබාධ සහිත වූවන්ගේ අයිතීන් උල්ලංඝනය නො විය යුතු බවත් ඔහු සඳහන් කර සිටියේ ය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ද අදහස් දැක්වී ය.

ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

වැඩසටහන සංවිධානය කළේ ‘වී ෆො රයිට්’ හි සභාපතිනි නිශා ෂරිප් , ලේකම් වසන්තා රෝහිණී ඇතුළු සාමාජික සාමාජිකාවන් ය.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook