විශේෂ අබාධ සහිත වුවන්ගේ ජාත්‍යන්තර දිනය සැමරේ .
විශේෂ අබාධ සහිත වුවන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමිව මහනුවර ඩි.එස් .සේනානායක විද්‍යාලයේදී විදුහල්පතිඑච්.ඒ .ආනන්ද උපතිස්ස මහතාගේ ආරාධනයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමවංශ මහතාගේ සහස්භාගිත්වයෙන් විද්‍යාලිය ශ්‍රවණාගාරයේදී පසුගියදා (දෙසැම්බර් 01 ) පැවැත්විණ. විශේෂ අබාධ සහිත දරුවන්ගේ විවිධ කුසලතා ඇතුලත් විශේෂාංග රැසකින් උත්සවය වර්ණවත් කල අතර දරු දැරියන් හා ආදී ගුරු භවතුන් සදහා සමරු තිලිණ පිළිගැන්ම ගරු ආණ්ඩුකාරතුමන් අතින් මෙහිදී සිදුවිය .
මෙම අවස්ථාව සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම් .ඩබ්. වීජේරත්න.ආදී ගුරුභවතුන්, විද්‍යාලිය ගුරු මහත්ම මහත්මීන් හා දෙමාපියන් ඇතලු පිරිසක් සහභාගී විය.