“මහනුවර නගරය ආලෝකමත් කරමු” - Kandy Breeze Night Fest

“මහනුවර නගරය ආලෝකමත් කරමු” - Kandy Breeze Night Fest

“මහනුවර නගරය ආලෝකමත් කරමු” - Kandy Breeze Night Fest වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී අද දින(26) පැවැත්විණි.මහනුවර නගරය වෙත දෙස් විදෙස් සංචාරකයින් ගෙන්වාගැනීම වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙම රාත්‍රී වෙළදපොල සාර්ථකව දෙවන වැඩසටහන පසුගියදා අවසන් වූ අතර එහි ඉදිරි කටයුතු පිළිබදව මෙහිදී කරුණු රැසක් සාකච්ජාවට බදුන් වූ අතර පැවැත්වීමට නියමිත ඉදිරි වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා පැවති අඩුපාඩු පිළිබදව මෙහිදී සාකච්ඡාව කරන ලදී. ඒ අනුව නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සදහා විසදුම් , වෙළඳ කුටි ප්‍රමාණය වැඩි කිරීම, සුළු හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකයින් සදහා වැඩි අවස්ථා ලබාදීම, පොදු ප්‍රවාහන සේවා පහසුකම් සැපයීම ,ප්‍රචාරණ කටයුතු පුළුල් කිරීම , විධිමත්ව සංවිධානය කටයුතු සිදු කිරීම සදහා විශේෂිත කමිටුවක් පත්කිරීම ඇතුළු අංශ රැසක් යටතේ සාකච්ජා කරන ලදී. සුපුරුදු පරිදි අගොස්තු මස 30 සහ සැප්තැම්බර් 06 යන දිනවල රාත්‍රී 07.00 සිට රාත්‍රී 12.00 දක්වා මෙම රාත්‍රී වෙළදපොල මහනුවර දළඳා වීදිය සහ කොටුගොඩැල්ල වීදිය ආවරණය වන පරිදි මහනුවර නගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) , මහනුවර මහ නගර සභාව, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, මහනුවර පොලීසිය, මගී ප්‍රවාහන සේවා අධිකාරිය , ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ඇතුලු ආයතන රැසක දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම අවස්ථාව සඳහා මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති රුවන් කුමාර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් , මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ආනන්ද ස්ටීවන් යන මහත්ම මහත්මීන් ,මහනුවර වෙළඳ සංගම් නියෝජිතයින් , ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරින් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook