මහනුවර උසස් පෙළ විශිෂ්ටයන් ඇගැයේ

මහනුවර උසස් පෙළ විශිෂ්ටයන් ඇගැයේ

මහනුවර උසස් පෙළ විශිෂ්ටයන් ඇගැයේ

අපට ආවේණික හරවත් සංස්කෘතිකාංග සුරැකීම තරුණ සිසු සිසුවියන්ගේ වගකීමක් බවත්, ඊට එරෙහි බලවේග සම්බන්ධයෙන් නො පමාව සැලකිලිමත් විය යුතු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි . විශේෂයෙන්ම වැඩිහිටියනට සැලකීම බඳු මානුෂීය ගුණාංග කෙරෙහි සිසු සිසුවියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු කියා සිටියේ ය. නිදහස් අධ්‍යාපනයේ වැදගත්කමද ඔහු අවධාරණය කළේ එහි ඵල නෙලා ගත් පිරිස් සමාජයේ ගෞරවනීය වෘත්තිකයන් සේ හඳුනා ගත හැකි බව සිහිපත් කරමිනි. මේ සියලු තැන් හිදී විනය ඉතා වැදගත් සාධකයක් ය යන්නද ඔහු සඳහන් කළේ ය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මේ අදහස් පළ කළේ පසුගිය උසස් පෙළ විභාගයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ඉහළ ම කුසලතා දක්වූ සිසු සිසුවියන් 18 දෙනෙකු අගයමින් ඔවුන් වෙත ත්‍යාග හා සහතික පත් පිරිනමීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී එක්වෙමිනි.

මෙසේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉහළ ම දක්ෂතා දැක්වූයේ උසස් බාලිකා, හිල්වුඩ්, ධර්මරාජ, කිංස්වුඩ්,පුෂ්පදාන, ත්‍රිත්ව, සිල්වෙස්ටර්, මහාමායා , හසලක රණසිංහ ප්‍රේමදාස, ගම්පොල සහිරා හා අකුරණ මුස්ලිම් බාලිකා යන විදුහල් නියෝජනය කළ සිසු සිසුවියන් ය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිසුවියකටද මේ අවස්ථාව සඳහා කැඳවීමක් සිදු කොට තිබිණි.

මූල්‍ය ත්‍යාග පිරිනැමුණේ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය අරමුදලේ දයකත්වයෙනි.

පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස යන මහත්වරුද සිසු සිසුවියන් අමතා අදහස් දැක්වූහ.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද, විදුහල්පතිවරුන් කිහිප දෙනෙක්ද , දෙමාපියන්ද මෙම ඇගැයීමේ උළෙලට සහභාගී වී සිටියහ.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook