ධනාත්මක චින්තනය පිළිබදව පුහුණු වැඩසටහනක් MDTU හිදී.

ධනාත්මක චින්තනය පිළිබදව පුහුණු වැඩසටහනක් MDTU හිදී.

ධනාත්මක චින්තනය පිළිබදව පුහුණු වැඩසටහනක් MDTU හිදී.

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද ධනාත්මක චින්තනය පිළිබදව පුහුණු වැඩසටහනක් (21) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකක ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
රාජකාරි කටයුතු වඩා කාර්යක්ෂම හා ජනතා හිතවාදී ලෙස ඉටු කිරීමේදී කාලිනව නිලධාරින් තුළ ගොඩනගාගත යුතු ආකල්පමය පරිවර්තයක් ඇති කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් කලමනාකරණ සංවර්ධන ඒකකය මගින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් ටී.එම්.පාරමී තෙන්නකෝන් මහතා විසින් ලබාදෙන ලදී.
සේවා අභිමානයක් ඇති කරමින් නව නිර්මාණශීලි දැක්මක් සමගින් පුද්ගල සංවර්ධන ඇති කිරීමත් එමගින් ආයතනයන්හි කාර්යඵල ඉහළට ගෙන ඒමේ අපේක්ෂාවෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මිය ද සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook