ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් එඩ්වර්ඩ් ඇප්පෙල්ටන් (Michael Edward Appleton) මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ (21) පැවැත්විය.
මෙහිදී මහ කොමසාරිස්වරයා සහ ආණ්ඩුකාරවරයා අතර දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වු අතර, සාකච්ඡාවෙන් අනතුරුව දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර, මෙය මහකොමසාරිස්වරයා සහ මධ්‍යම ආණ්ඩුකාරවරයා අතර පැවති දෙවන සුහද හමුවයි. මෙම සුහද හමුව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක් ව සිටියේය