New Public Library for Harispattuwa Pradeshiya Sabha

හාරිස්පත්තුවට නව මහජන පුස්තකාලයක්

හාරිස්පත්තුව ප්රාදේශීය සභා බල ප්රදේශයේ යහලතැන්න හා යහලතැන්න බටහිර ප්රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදි නව මහජන පුස්තකාලයක් යහලතැන්න විහාරස්ථානයට යාබද ව ඉදි කිරීමට හාරිස්පත්තුව ප්රාදේශීය සභාව පියවර ගනී. පුස්තකාල ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විත ය. එහි බිම් මහලේ මුල් ළමා විය සංවර්ධන මධ්යස්ථානයක් ආරම්භ කිරීමට ද ප්රාදේශීය සභාව අපේක්ෂා කරයි.
මේ සඳහා ප්රතිපාදන වෙන් කරනු ලබන්නේ ප්රාදේශීය සභා අරමුදලෙනි.
නව දෙමහල් මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්යයේ පසුගිය දා ආරම්භ කෙරුණේ ප්රාදේශීය සභා සභාපති එච්.ඒ.ආනන්ද ජයවිලාල් මහතා හා මන්ත්රී මණ්ඩලයේ ද, සභා ලේකම් චන්ද්රිකා නවරත්න මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයේ ද සහභාගීත්වයෙනි.
මෙම නව මහජන පුස්තකාලය හේතුවෙන් හාරිස්පත්තුව ප්රාදේශීය සභාව සතු මහජන පුස්තකාල සංඛ්යාව අටක් දක්වා ඉහළ යනු ඇත.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook