2021 වර්ෂයේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් විශ්ව විද්‍යාල වරම් හිමිකරගත් විශිෂ්ටයන් ඇගයීමට ලක්කෙරේ .
2021 වර්ෂයේ අ පො ස (උ පෙළ )විභාගයෙ ප්‍රතිඵල මත මධ්‍යම පළාත නවවෙනි ස්ථානයේ සිට හය වැනි ස්ථානය දක්වා ඔසවා තැබිමට දායකවූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ 2021 වර්ෂයේ අ පො ස (උ පෙළ )විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් සිසු සිසුවියන් සදහා මුල්‍ය තියාග සහ සහතිකපත් ප්‍රධානයක් පසුගියදා මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑලිය සුමන ද්විතික පාසලේදී පැවැත්විණ. නිදහස් අධ්‍යාපනය සදහා විශාල මුදලක් දරුවන් වෙනුවන් රජය වැයකරන බවත් උගතුන් විශාල පිරිසක් රට හැරයන මෙවන් කාලයක උසස් අධ්‍යාපනයෙන් පසුව තමන් උපන් ප්‍රදේශයට, රටට සේවයක් කිරීමට කැපවන ලෙස මෙහිදී ආණ්ඩුකාර තුමන් විසින් දරුවන්ගෙන් ඉල්ලීමක්ද කළේය . මිට සමගාමිව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා මධ්‍යම පළාත්සභා අරමුදලින් හා ළමා සංවර්ධන අරමුදල හා එක්ව නවීකරණයකරණ ලද ඒකකයක් විවෘත කිරිම ද ආණ්ඩුකාර තුමන් අතින් සිදුවිය .
මෙම අවස්තාව සදහා තලවාකැලේ ,ලිදුල නගරාධිපති චන්දන ප්‍රදීප් ගුණතිලක ,පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වීදුහල්පති ඒ.ප්‍රැන්සිස් ඇතුලු ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
<iframe src="https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fmediaunit.centralprovince.5%2Fposts%2Fpfbid0wtD2WWTzaFWKNYQgTfDYQNvbk8EkHSGGx4vLYc7ZLTgz61eRUtgqWgX8U23K9Hbtl&show_text=true&width=500" width="500" height="759" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowfullscreen="true" allow="autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share"></iframe>