“ප්‍රභාවි”තෙල්දෙණිය අධ්‍යාපන කලාපයෙන් විදුහල්පති ප්‍රණාම උළෙලක් !
රට තුළ පවතින ආර්ථික අර්බුදයට සියලු කාර්යයන් යටවීමට ඉඩනොදී කාර්යය සාර්ථකත්වයට අවශ්‍ය පියවර ගත යුතුයි. අධ්‍යාපනය කියන්නේ එලෙස යටවීමට ඉඩ නොදියයුතු ක්ෂේත්‍රයක්. රටේම අනාගතය දරුවන්. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඔවුන්ගේ ජීවිතය යහමගට මෙන්ම රටේ අභිමානය ගොඩනැංවීමට වැඩි දායකත්වයක් ලබාදෙනවායි මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා පවසයි.
ඒ මහතා මෙලෙස පැවසුයේ පසුගියදා (09)තෙල්දෙණිය ජාතික පාසලේ එඩ්මන් විජේසිංහ ශාලාවේදී පැවති තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් ඇගයීමේ “ප්‍රභාවි” ප්‍රණාම උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා ,අද සමාජයේ පවතින විවිධ අර්බුදයන් හමුවේ අධ්‍යාපනය ලැබීමත් , ඒ වෙනුවෙන් වියදම් දැරීමේ හැකියාවත් ඉතා අපහසු තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ.ඒ වාගේම දරුවන්ගේ පෝෂණය මට්ටම පිලිබදව ගැටළු පැවතියත් ඒවා කළමනාකරණය කර ගනිමින් කටයුතු කරන අතරේ මත්ද්‍රව්‍ය වලින් දරුවා බේරා ගැනීමේ ප්‍රබල අභියෝගයත් මතු වෙලා තියෙනවා. ඒ අභියෝගය ජය ගනිමින් දරුවන්ගේ අනාගත සුරක්ෂිත බව ගොඩනැගීම වෙනුවෙන් විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්හට විශාල වූ වගකීමක් පැවරෙන බව පැවසිය.
පාසල්වල පවතින කාර්යයසාධනය ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් සංවිධානය කර පැවති විදුහල්පති ප්‍රණාම උළෙලේදී විදුහල්පතිවරුන් , ගුරු උපදේශකවරුන් , අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළුව 150 දෙනෙකු වෙත උපහාර පිදීම සිදු කරන ලද අතර මෙහිදී පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ජාතික මට්ටම් ඉක්මවූ පාසල්, අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ජාතික මට්ටම් ඉක්මවූ පාසල්, පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්ව දර්ශකයමත පදනම්ව පාසල් ඇගයීමට ලක් කිරීම , දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යන පාසල් ඇගයීම , විශිෂ්ට ව්‍යවහාර සදහා ඉදිරිපත් වී තෙල්දෙණිය කලාපය නියෝජනය කළ පාසල් ඇගයීම, කලාපයේ ප්‍රතිපල සංවර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වය මත අධ්‍යක්ෂ මණ්ඩලය ඇගයීම සහ විශිෂ්ට සේවාවක් සපයා විශ්‍රාම යන විදුහල්පතිවරුන හය දෙනෙකු ඇගයීමට ලක් කිරීමද සිදුකරන ලදී.