ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය/ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් ප්‍රචණ්ඩත්වය අවම කිරීමේ ක්‍රියාකාරී සැලැස්ම සකස්කිරීම

ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම්කරගත් ප්‍රචණ්ඩත්වය අවම කර ගැනීම සදහා වන බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස්කිරීම වෙනුවෙන් පැවති මධ්‍යම පළාත් වැඩමුළුව අද දින (2022/09/06) මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත් වින.

සියලුම පළාත්සභා සමග උපදේශනයෙන් මෙම බහු ආංශික ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස්කිරීමට නියමිත අතර මෙම ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

මධ්‍යම පළාත් වැඩමුළුවේදී තිරසාර සංවර්ධන ඉලක්කයන් ලගාකර ගැනීමට කටයුතු කිරීමේදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ඉතා වැදගත් අංශයක් බැවින් , මෙකි ජාතික කාර්යය සාර්ථක කර ගැනීමට හැකි උපරිම දායකත්වය පලාතක් ලෙස ලබාදීමට අවශ්‍ය පියවරයන් ගැනීමට කටයුතු යොදන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා පැවසිය.

ආර්ථික ,සමාජ හා ආගමික පදනමින් කාලීනව පවතින ගැටළු අවම කර ගැනීමට බහු ආංශික ප්‍රවේශයක් ලෙස සියලු ආයතන එකාබද්ධව මේ සදහා දායකත්වය ලබාදීම කාලිනව අවශ්‍ය බවද මෙහිදී ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙන ලදී. අද වන විට ලොව රටවල් 107ක් නුතන ආර්ථික අර්බුදයට මුහුණ දී ඇති බවත් මෙකි තත්ත්වය තුළ ලාංකීය සමාජ හැසිරීමේ රටාව තුළ ගැටළු පැන නැගීමත් ,ඒ සදහා විසදුම් ලබාදීමේ දී ජාතික වශයෙන් ආර්ථික හා ව්‍යවසාය සංවර්ධනය , සමාජ සවිබල ගැන්වීම වැදගත් අංගයන් බවත්, හිංසනයෙන් තොර සමාජ වටපිටාවක් ගොඩනැගීම පළාත් සභාවක් ලෙස කටයුතු කරන අතර ,මෙම ජාතික සැලස්ම සදහා වැඩි දායකත්වයක් ලබාදීම ජාතික වගකීමක් බවද පැවසිය.

මෙම වැඩසටහන ජාතික වශයෙන් එළඹුම් ප්‍රවේශයන් තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව වලක්වාගැනීමේ ප්‍රවේශයන් (Prevention),මැදිහත්වීමේ ක්‍රියාමාර්ගයන් ගැනීම (interlunation) හා ප්‍රතිපත්තිමය රාමුවක් ඇති කරමින් උද්දේශන ක්‍රියාවලිය (Policy Agrasy) යන අංශයන් ගෙන් දායකත්වය ලබාගැනීමට අපේක්ෂිතය. මෙම කරනු පිළිබදව දැනුවත් කරමින් පළාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් මේ සදහා ප්‍රවේශමාර්ගයන් හදුනාගැනීම,පවතින ගැටළු හා ක්‍රමෝපායන් පිළිබදව සංවාදාත්මක සාකච්ජාවක් මෙදින සිදු කෙරින.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා මධ්‍යම පළාත් සභාවේ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තුව ප්‍රධානින් සහභාගී වූ අතර, වැඩසටහනේ සම්පත්දයකත්වය එක්සත් ජාතීන්ගේ සංවර්ධනය වැඩසටහනේ (UNDP) ස්ත්‍රී පුරුෂ භාවය පිළිබද උපදේශක ශ්‍රියානි පෙරේරා , පද්මිණි රත්නායක (උපදේශක), වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක (උපදේශක), හිරෝෂි ගුණතිලක (වැඩසටහන් නිලධාරි - එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල-UNFPA) යන මහත්ම මහත්මීන් ලබාදෙන ලදී.

.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook