ප්‍රොටෝෆ් වතු රෝහල ආණ්ඩුකාරතුමාගේ නිරික්ෂණයට

ප්‍රොටෝෆ් වතු රෝහල ආණ්ඩුකාරතුමාගේ නිරික්ෂණයට

ප්‍රොටෝෆ් වතු රෝහල ආණ්ඩුකාරතුමාගේ නිරික්ෂණයට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රොටෝෆ් වතු රෝහල මිට වසර දහයකටපමණ පෙර ගම්මාන හයක 5775 ක පමණ ජනතාවකට සේවය සැපයු ප්‍රාදේශීය වතු රෝහලකි . කොළඹ නුවර මාර්ගයේ සිට කි.මි.14 ක් පමණ ඩෙල්ටා වතු යාය හරහා ගම්න් කලයුතු වුවත් මාර්ගය නිසි පරිදි සංවර්ධනය නොකිරීම හේතුවෙන් ප්‍රවාහන පහසුකම් ඇති කිරීම දුෂ්කර වී ඇති බව නිරීක්ෂණය විය. ඉතා අපහසුවෙන් පුද්ගලික අංශයේ බස්රථ කීහිපයක් ධාවනය වන බවත් මගීන්ගෙන් අධික මුදලක් අයකරනු ලබන බවත් ඒ නිසාම සුළු අසනීපයකට වුවත් වෙනත් රෝහලකට යාම ආර්ථික වශයෙන් දැඩි දුස්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇති බව ජනතාව පවසයි.

එබැවින් රෝහලේ අවශ්‍යතාව දැඩිව පවතින බවත් අනෙකුත් අවශ්‍යතාවන් සපුරා ගැනීම සදහා අඩක් නිමකොට අතර මග නවතා ඇති මාර්ගයේ කි.මි.07 ක පමණ දුරක් තාර දමා සකස් කිරීම අතවශ්‍ය බව ජනතාව ඉල්ලා සිටියහ. ඒ අනුව මෙම ප්‍රදේශයේ ජනතාව විසින් ඉදිරිපත් කෙරුණු ඉහත කරුණු කෙරෙහි ආණ්ඩුකාරතුමාගේ අවධානයට යොමු විය .

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook