වර්තමාන ආර්ථික අභියෝග ජය ගැනීමේදී රාජ්‍ය නිලධාරීන්ට විශාල වගකීමක්

වර්තමාන ආර්ථික අභියෝග ජය ගැනීමේදී රාජ්‍ය නිලධාරීන්ට විශාල වගකීමක්

වර්තමාන ආර්ථික අභියෝග ජය ගැනීමේදී රාජ්‍ය නිලධාරීන්ට විශාල වගකීමක්

රාජ්‍ය නිලධාරීන් සිය වගකීම් හා යුතුකම් නිසි පරිදි සේම කාර්යක්ෂමවද ඉටු කිරීම අතිශයින්ම වැදගත් බවත්, එසේ වූ විට නව තනතුරු හා පිළිගැනීම් ඔවුන් පසුපස හඹා එන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි.එසේම රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය ආයතන සාමූහිකත්වයෙන් ක්‍රියා කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේ ය. රාජ්‍ය නිලධාරීන් හැමවිටම ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන පිරිසක්ය යන්න සිහිපත් කළ යුතු බව පැවසූ ඒ මහතා අවධාරණය කළේ වර්තමාන ආර්ථික අභියෝග ජනතාව වෙනුවෙන් ජය ගැනීමේදී ඔවුනගේ කැපවීම අත්‍යාවශ්‍ය වන බව යි.

තෙවසරකට පෙර තමා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය භාර ගත්තේ මෙ කරුණු පිළිබඳ අවබෝධයකින් බව කියා සිටි ආණ්ඩුකාර ගමගේ මහතා කොවිඩ් වෛරස බලපෑම, කොවිඩ් මර්දන එන්නත්කරණය, අධ්‍යාපනික ගැටලු හා ආර්ථික අර්බුද මධ්‍යයේ තමා මධ්‍යම පළාතේ සංවර්ධනය හා සුරක්ෂිත බව වෙනුවෙන් පෙනී සිටියේ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේත් , සමස්ත කාර්ය මණ්ඩලයේත් සහයෙන් ය යන්නද සඳහන් කළේ ය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මේ අදහස් පළ කළේ සිය ධුරයේ සිව්වැනි වසරේ රාජකාරී නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවෙන් අනතුරුව පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙමිනි.

පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න,පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා වෙනුවෙන් පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මංජුලා මඩහපොල , පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති පී.ජී. අමරකෝන් යන මහත්ම මහත්මීන් ද මෙහිදී අදහස් දැක්වූහ.

මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් පසන් රත්නායක, පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුජාතා විජේසිංහ, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඩබ්ලිව්. දයානන්ද , පළාත් සභා ලේකම් කුමුදුනි හේමචන්ද්‍ර, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමිලා විජේරත්න, යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද, ආණ්ඩුකාර පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීහුද මේ අවස්ථාවට සහභගී වී සිටියහ.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook