කාලීනව පවතින ආර්ථික හා සමාජ අර්බුදයන් ජයගැනීම සදහා මධ්‍යම පළාත් කලාපිය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.

කාලීනව පවතින ආර්ථික හා සමාජ අර්බුදයන් ජයගැනීම සදහා මධ්‍යම පළාත් කලාපිය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.

කාලීනව පවතින ආර්ථික හා සමාජ අර්බුදයන් ජයගැනීම සදහා මධ්‍යම පළාත් කලාපිය ආර්ථික සංවර්ධන ආයතනය (REDA) වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් වෙත පවතින ආර්ථික අර්බුදය ජයගැනීම සදහා කුකුල් පැටවුන් සහ පොල් පැළ බෙදා දීමේ වැඩසටහනක් දියත් කිරීමට සලසුම් කර පවතින අතර ව්‍යාපෘතිය පිළිබදව පළමු දැනුවත් කිරීමේ වැඩසටහන අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් පසුගියදා අකුරණ දුනුවිල රතනපාල විදුහලේදී පවත්වන ලදී.

මධ්‍යම පළාතේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් වල පාසල් යන දරුවන් සත්ත්ව පාලනයට හා කෘෂි බෝග වගා කිරීමේ කටයුතු සඳහා උනන්දු කරවීමත් එම දරුවන්ගේ පෝෂණ තත්වය නගාසිටුවීම මෙන්ම අමතර ආදායමක් ලබාගැනීමට මග උදාකිරීමේ අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

මෙම වැඩසටහනේ දී කුකුල් පැටවුන් පන්සියයක් සහ පොල් පැළ බෙදා දීම නියමිත අතර , අදාළ ව්‍යාපෘතිය සඳහා පූර්ණ අනුග්‍රහකත්වය කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය විසින් ලබාදෙනු ලැබේ.

මෙම පළමු දැනුවත් කිරීමේ වැඩසටහන සදහා තෝරාගන්නා ලද පාසල් ළමුන් 50ක් සහ එම දරුවන්ගේ දෙමව්පියන් සහභාගි වූ අතර මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ අකුරණ ප්‍රාදේශීය පශු වෛද්‍ය වරයා විසින් ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සදහා අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ මහත්මිය හා එම කාර්යාලයේ කාර්යය මණ්ඩලය , කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ නිලධාරින් , විදුහලේ ආචාර්ය මණ්ඩලය හා දෙමාපියන් පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook