REDA ආයතනය මගින්  කුකුල් පැටවුන් සහ පොල් පැල බෙදා බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කෙරේ.

REDA ආයතනය මගින් කුකුල් පැටවුන් සහ පොල් පැල බෙදා බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කෙරේ.

REDA ආයතනයේ කුකුල් පැටවුන් සහ පොල් පැල බෙදා බෙදාදීමේ තවත් වැඩසටහනක් පසුගියදා (12) උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ මප/තෙල්/මිනුවන්ගමුව ප්‍රාථමික විද්‍යාලය ,පිටවල ප්‍රාථමික විද්‍යාලය ,මැදිවක ප්‍රාථමික විද්‍යාලය,මප/තෙල්/මහින්ද ආදර්ශක විද්‍යාලය ,මහවෙල ප්‍රාථමික විද්‍යාලවලදි සිදු කෙරුණි .වත්මන් ජනතාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදය සඳහා සහනයක් ලබාදීමට හා පවුලේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය මගින් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස කුකුළු පැටවුන් සහ පොල් පැල බෙදාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරයි . මෙහිදි අඩු ආදායම්ලාභී පවුල්වල ගෘහ ආර්ථිකය සවිමත් කිරීම සහ දරුවන්ගේ පෝෂණ තත්ත්වය නගාසිටුවීමට කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය අරමුණු කරයි.මෙහිදී තෝරා ගත් පාසල් සිසුන් 50 දෙනකු සඳහා කුකුල් පැටවුන් 500 දෙනෙකු හා පොල් පැළ 200 ක් බෙදාදෙනු ලැබීනි.මෙම ව්‍යාපෘතිය කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති නීතිඥ ජානක සකලසූරිය මහතාගේ සහ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ කාර්යමණ්ඩලයේ සහයෝගීත්වයෙන් අද දින ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන ලදි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook