මධ්‍යම පළාත් සභාවේ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ (REDA) සභාපති වැඩ භාර ගනී.

මධ්‍යම පළාත් සභාවේ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ (REDA) සභාපති වැඩ භාර ගනී.

මධ්‍යම පළාත් සභාවේ කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ (REDA) සභාපති ලෙස පත් වූ ආනන්ද එච්. ස්ටීවන් මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීම පසුගිය දා (6)මහනුවර පිහිටි කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ දී සිදු විය. මෙම පත්වීම් ප්‍රදානය ඉකුත්දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර එස්. බී. එස් . අභයකොන් මහතා විසින් සිදුකරනු ලැබු අතර , අභිනව සභාපති ධුරයේ රාජකාරි ආරම්භ කළ ආනන්ද එච්. ස්ටීවන් මහතා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කොට ඇති අතර ශ්‍රී ලංකා තානාධිපති සේවයට අදාලව තානාධිපති කාර්යාල රැසක සේවය කොට ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකු වේ. එසේම සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස විශිෂ්ට සේවාවන් රැසක් රට දැය වෙනුවෙන් දායාද කොට ඇති ඒ මහතා ‍ ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි අයෙකු වේ. මෙම අවස්ථාව සදහා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මේනක හේරත් මහතා ඇතුළු එම ආයතනයේ (REDA)කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook