පාසල් සිසුනගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රවර්ධනය පිණිස බ්‍රැන්ඩික්ස්  ආයතනය ක්‍රියාත්මක කරන RIGHT TO READ ව්‍යාපෘතියට අදාළ    READ TO ME ක්‍රියාන්විතයේ මධ්‍යම පළාත් ප්‍රගතිය පිලිබඳ  සමාලෝචනයක්.

පාසල් සිසුනගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රවර්ධනය පිණිස බ්‍රැන්ඩික්ස් ආයතනය ක්‍රියාත්මක කරන RIGHT TO READ ව්‍යාපෘතියට අදාළ READ TO ME ක්‍රියාන්විතයේ මධ්‍යම පළාත් ප්‍රගතිය පිලිබඳ සමාලෝචනයක්.

දිවයිනේ පාසල් සිසුනගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රවර්ධනය පිණිස බ්‍රැන්ඩික්ස් ආයතනය ක්‍රියාත්මක කරන RIGHT TO READ ව්‍යාපෘතියට අදාළ READ TO ME ක්‍රියාන්විතයේ මධ්‍යම පළාත් ප්‍රගතිය හා එහි නව ප්‍රවේශයන් පිළිබඳ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මේ වනවිට මධ්‍යම පළාතේ පාසල් හාරසියයක පමණ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඊට අවශ්‍ය ස්මාර්ට් බෝර්ඩ් ඇතුළු උපකරණ හා උපාංගත් , දැනුමත් අදාළ ගුරු භවතුන් වෙත ලබා දීමට බ්‍රැන්ඩික්ස් ආයතනය කටයුතු කරයි. හඳුන්වා දෙන නව මෘදුකාංගයක් ඔස්සේ දැනට වාර්තා වන ප්‍රගතිය ඉහළ නැංවීම ඔවුනගේ අපේක්ෂාව යි . ඒ සඳහා ඔවුන් ආණ්ඩුකාර ගමගේ මහතා වෙතින් පළාත් සභාවේ සහය ඉල්ලා සිටී. මෙම ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කරමින් අදහස් දැක්වූ ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ පළාත් සභාවේ සහය ඊට ලබා දීමට තමා පියවර ගන්නා බව යි. පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය අධීක්ෂණයට ඉදිරියේදී තමා කටයුතු කරන බව ය. එළඹෙන ජූලි මස පළමු සතියේදී පළාතේ දිස්ත්‍රික්ක තුනම ආවරණය වන පරිදි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු , විදුහල්පතිවරු හා ඉංග්‍රීසි විෂය භාර ගුරුවරු මේ සම්බන්ධයෙන් තවදුරටත් දැනුම්වත් කිරීමට පළාත් සභා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම සහිත ව බ්‍රැන්ඩික්ස් ආයතනය ක්‍රියා කරනු ඇත. සකච්ඡාව සඳහා බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂ සෙන්තිල් ඊශ්වරන් මහතා ද එක්ව සිටියේ ය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook