ග්‍රාම සංවර්ධන පුහුණු පාඨමාලා සහතික පත් පිරිනැමේ.
පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ක්‍රියාත්මක කාන්තා සංවර්ධන මධ්‍යස්ථානවල සාමාජිකාවන් විසින් හදාරන ලද පුහුණු පාඨමාලා වෙනුවෙන් සහතික පත් පිරිනැමීම පසුගියදා (06) පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ වැඩසටහනකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම වැඩසටහන සංවිධානය කෙරුණේ ආණ්ඩුකාර ගමගේ මහතා එම ධුරයට පත්ව තෙවසරක් සපිරීම නිමිත්තෙනි.