සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ පාසල් සෞන්දර්ය ඒකකය සිසු අයිතියට
සිය දරුවන් අධ්‍යාපනය ලබන පාසල් සංවර්ධනය පිණිස දෙමාපියන් එක්වීම සතුටට කරුණක් බවද, වර්තමාන අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ එහි වැදගත්කම ඉහළ යන බවද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පෙන්වා දෙයි. තමා මේ ධුරයට පත් වන විට මධ්‍යම පළාතේ අධ්‍යාපනය දිවයිනේ සත් වන ස්ථානයේ තිබූ බව සිහිපත් කළ ඒ මහතා වර්තමානයේදී එය පස් වන ස්ථානය දක්වා පැමිණ ඇති බවද පැවසුවේ ය. දෙමාපියන්ගේ කැපවීම හා උනන්දුව මේ පසුපස තිබෙන බවත් ඔහු අවධාරණය කළේ ය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා මෙසේ අදහස් පළ කළේ දෙමාපියන්ගේ වැඩි දායකත්වයෙන් ඉදිකළ මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විදුහලේ නව ගොඩනැගිල්ලේ ස්ථාපිත පාසල් සෞන්දර්ය ඒකකය ඊයේ (25) සිසු අයිතියට පිරිනැමීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
මෙම ඉදිකිරීම සඳහා පාසල් සංවර්ධන සමිතියේ දායකත්වය ද ලැබී තිබිණි. එහි මූලික අදහස ඉදිරිපත් කළේ විදුහල්පතිනි චාන්දනී වැලිකන්නගේ මෙනෙවිය යි.
මාතලේ නගරාධිපති එස්. ප්‍රකාශ් හා නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂන් යන මහත්වරුද, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න හා පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න යන මහත්වරුද, පළාත් ප්‍රධාන හා ආධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාද, පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන මහත්මියද , මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විජයන්ති ජයසූරිය මහත්මිය හා විදුහල්පතිනි චාන්දනී වැලිකන්නගේ මෙනෙවියද ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
රැස්ව සිටි පිරිස අමතා මාතලේ කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය හා පළාත් නියෝජිත සංසලා ජයමාන්න ශිෂ්‍යාවද අදහස් දැක්වූයේ ය.