සත්ව නිෂ්පාදනයට හා කෘෂි බෝග වගාවන් සදහා පාසල් දරු දැරියන් යොමු කෙරේ

සත්ව නිෂ්පාදනයට හා කෘෂි බෝග වගාවන් සදහා පාසල් දරු දැරියන් යොමු කෙරේ

සත්ව නිෂ්පාදනයට හා කෘෂි බෝග වගාවන් සදහා පාසල් දරු දැරියන් යොමු කෙරේ .

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම් ලාභී පවුල්වල ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් යන දරු දැරියන් සත්ව නිෂ්පාදනයට හා කෘෂි බෝග වගාවන් සදහා යොමු කිරීමේ වැඩසටහනක් කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති නීතිඥ ජානක සකලසුරිය මහතාගේ හා අකුරණ ප්‍රාදේශීය ලේකම්.ඉන්දිකා අබේසිංහ තුමියගේ මගපෙන්වීම යටතේ මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නිතිඥ ලලිත්. යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ම/ප දුනුවිල රතනපාල විද්‍යාලයේදී පසුගියදා සිදු කෙරිණ.මෙහිදී පාසල් සිසුන් පනස්දෙනකු සදහා මුල්‍ය ආධාර සමග කුකුළු පැටවුන් දහදෙනකු බැගින් හා පොල් පැල තුන බැගින් බෙදා දීම සිදු විය .

මෙම අවස්ථාව සදහා අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති අයි.එම.ඉස්තියාර් ,ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයින් ,ආණ්ඩුකාර ලේකම්ඇන්ටන් තිලකරත්න ,අධ්‍යාපන ලේකම් අජිත් ප්‍රේමවංශ ,පළාත් පාලන කොමසාරිස්, මේනක හේරත් ,හා ප්‍රදේශයේ ජනතාව ඇතුළු පිරිසක් සහාභාගී විය.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook