මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය මගින් සංවිධානය කරන ලද ස්වයං සංවර්ධනය හා ස්වයං කළමනාකරණය පිළිබද පුහුණු වැඩමුළුවක් අද දින (26) පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.
රාජකාරී කටයුතු කාර්යක්ෂමව හා නිවැරදිව ඉටුකිරීම සදහා පුද්ගල සංවර්ධනය හා සංවර්ධන සැලසුම්කරණය කෙසේ බලපානු ලබයිද , එය ගොඩනගා ගන්නේ කෙසේද , මනෝවිද්‍යාවේ ප්‍රවේශයන් හා බද්ධ වෙමින් තමන් හදුනාගැනීම , දැක්ම , ජිවන ප්‍රතිපත්ති හා සාර්ථකත්වයේ ගමන් මගක් වෙත නව ප්‍රවේශයක් ඇතිකර ගනිමින් ගමන් කිරීමට අවශ්‍ය දැනුම ලබාදීම මෙහිදී සිදු කෙරින.
මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ කනිෂ්ට සේවයේ කාර්යය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩමුළුවේ සම්පත්දයකත්වය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරියෙකු වන සුජාන් නානායක්කාර මහතා විසින් ලබාදෙන ලදී. (මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ හා ජාතික සමගිය හා සහජීවනය පිළිබද අමාත්‍යංශයේ හිටපු ලේකම්, සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක )
මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය, කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ යන මහත්ම මහත්මීන් සහභාගී විය.