‘සිප්තරණි’ අධ්‍යාපනික ප්‍රදර්ශනය පාතදුම්බර විදුහල් පරිශ්‍රයේදී
වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රාථමික අධ්‍යාපන අංශය 3,4 හා 5 ශ්‍රේණිවල විෂය නිර්දේශ ආවරණය කරමින් සිසු සිසුවියන්ගේ දැනුම ප්‍රයෝගිකව ඉහළ නංවන අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ‘සිප්තරණි’ මැයෙන් ඊයේ (27) දිනය පුරා පාතදුම්බර මහා විද්‍යාල පරිශ්‍රයේදී සංවිධානය කොට තිබිණි. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයද කේන්ද්‍ර කොට ගෙන සංවිධානය කළ මේ ප්‍රදර්ශනය ප්‍රදර්ශන කුටි පහළොවකින් සමන්විත විය. පාතදුම්බර හා කුණ්ඩසාලේ ප්‍රාථමික විද්‍යාල හා ප්‍රාථමික අංශ සහිත විද්‍යාල 47 ක් සිංහල හා දමිළ මාධ්‍ය යටතේ මේ ප්‍රදර්ශනයට සහභාගීත්වය දක්වන ලදී.
ප්‍රදර්ශනයේදී ගමනාගමනය, මිනිස් හැසිරීම්, ගෙවතු වගාව, පැලෑටි හා ගස් වැල් , පොළොව හා අහස, මිනිසාගේ යහ පැවැත්ම, ආහාර පරිභෝජනය, මිනිසාට කළ හැකි හරවත් වෙනස්කම්, ආරක්ෂාව , අතීත විත්ති, වැඩ පහසු කිරීමේ මං, ජලය හා සතුන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් විෂය කොට ගෙන තිබුණේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද, විචිත්‍රාංගද සහිතව ය.
ප්‍රදර්ශනය විවෘත කොට සියලු ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ශිෂ්‍ය මාධ්‍ය ඒකකයේ සිට සිසු සිසුවියන් හා ගුරු භවතුන් අමතමින් මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා කියා සිටියේ පොත පතින් ලැබෙන දැනුමට පමණක් සීමා නොවී 3,4 හා 5 ශ්‍රේණිවල සිසු සිසුවියනට මෙසේ සිය විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රයෝගිකව දැනුම්වත් වීමට අවකාශ සලසා දීම තමා බෙහෙවින් අගය කරන බව යි. මෙවැනි නව පිළිවෙත් හඳුන්වා දීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් වන බවද ඔහු පෙන්වා දුන්නේ ය. ප්‍රදර්ශන කාර්යය සඳහා අතිමහත් වෙහෙසක් දැරූ සිසු ප්‍රජාවගේ නිර්මාණශීලීත්වය සේම ඔවුන්ව ඒ සඳහා උනන්දු කළ ගුරු භවතුන්ගේ හා දෙමාපියන්ගේ කැපවීම විශිෂ්ට බවද ඔහු කියා සිටියේ වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ හා කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්ද , විදුහල්පතිවරුන්ද අගය කරමිනි.
මධ්‍යම පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ සී.ටී.ජී. මායාදුන්නේ මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියා ය.
වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ සිසු සිසුවියන් කේන්ද්‍ර කොට ගත් මේ සජීවී අත්දැකීම ඔවුනගේ ඉදිරි අධ්‍යාපනික ප්‍රගතිය හා නිරායාසයෙන්ම සම්බන්ධ වන බව යි. නිදහසේ ප්‍රදර්ශන භූමිය තුළ සැරිසරමින් සැහැල්ලුවෙන් හා ප්‍රබෝධමත්ව සිය විෂය ක්ෂේත්‍ර පිළිබඳ නවමු අත්දැකීමක් ලබා ගනු පිණිස සිසු සිසුවියනට වැඩි කාලයක් හිමි කරදීමේ වැදගත්කමද ඇය පැහැදිලි කළේ ප්‍රදර්ශනයේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවූ පළාත් අධ්‍යාපන බලධාරීන් ඇතුළු,විදුහල්පතිවරුනට හා ගුරු භවතුන්ටත්, දෙමාපියන්ටත් , කුණ්ඩසාලේ හා හා පාතදුම්බර ප්‍රාදේශීය සභා වලටත් , ආරක්ෂාව හා ප්‍රවේශ පහසුකම් සැපයූ පොලිස් නිලධාරීන්ටත් සිය ස්තූතිය පුද කරමිනි. ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීම සඳහා වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ඉංග්‍රීසි හා ප්‍රාථමික විෂය) අනූෂා ඉලංකෝන් මහත්මිය දැක්වූ කැපවීම හා වෙහෙස පිළිබඳවද ඇය විශේෂයෙන් සිහිපත් කළා ය.
ප්‍රදර්ශන නැරඹීම සඳහා පාසල් සිසුවියන්ට හා ඔවුනගේ දෙමාපියනට අමතරව ප්‍රදේශවාසී විශාල පිරිසක්ද පැමිණ සිටියහ.