මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතනයන්හි  මුල්‍ය ප්‍රගතිය සමාලෝචන කිරීමේ විශේෂ රැස්වීම

මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතනයන්හි මුල්‍ය ප්‍රගතිය සමාලෝචන කිරීමේ විශේෂ රැස්වීම

මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතනයන්හි මුල්‍ය ප්‍රගතිය සමාලෝචන කිරීමේ විශේෂ රැස්වීමක් අද දින (26) මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත් විය.

2022 වර්ෂයේ ඉදිරි කාලය සදහා මුල්‍ය පරිපාලනය විදිමත් ලෙස පවත්වාගැනීමේ අපේක්ෂාවෙන් මහා භාණ්ඩාගාරය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛ වලට අනුව මධ්‍යම පළාත් සභාවේ ආයතන සියල්ලේ මුල්‍ය පාලනය පවත්වාගෙන යාමට අදාලව මෙම සමාලෝචන රැස්වීම සංවිධානය වී පැවතුනි. මෙහිදී දැනට පවතින තත්ත්වය අධ්‍යනය හා පවතින ප්‍රායෝගික ගැටළු පිළිබදව විශේෂ අවධානය යොමු කරමින් ක්‍රියාත්මක කළ යුතු සංවර්ධන යෝජනා හා රාජකාරි කටයුතුවලට අදාළ ලෙස මුල්‍ය පාලනය ඵලදායි ලෙස පවත්වාගැනීමට අවශ්‍ය උපදෙස් ප්‍රධාන ලේකම්වරයා විසින් ලබාදෙන ලදී. රටතුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ වියදම් කළමනාකරණය වෙනුවෙන් නිකුත්කර ඇති චක්‍රලේඛ වලට ප්‍රායෝගික විසදුම් ලබාදීම වෙනුවෙන් සංවිධානය වූ මෙම මුල්‍ය ප්‍රගතිය සමාලෝචන විශේෂ රැස්වීම සදහා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුල්‍ය කළමනාකරණ අබ්දුල් කාදර් මහතා ඇතුළු පළාත් සභාවේ සියලු ආයතනවල ගණකාධිකාරීන් හා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂවරුන් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook