spicy gallery 2023 අලෙවි ප්‍රදර්ශනය.

spicy gallery 2023 අලෙවි ප්‍රදර්ශනය.

spicy gallery 2023 අලෙවි ප්‍රදර්ශනය. මධ්‍යම පළාතේ කුලුබඩු ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටලු හඳුනා ගැනීම හා ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ ව්‍යසායකත්ව සංවර්ධනය කිරීමත්, අලෙවි ප්‍රවර්ධන අවස්ථා උදා කිරීම හා ආදායම් උත්පාදන මාර්ග සලසා දීම, විශේෂාංගිකරණය වූ සහ අගය එකතු කළ කුලුබඩු නිෂ්පාදනයන් එකම වෙළඳ ස්ථානයකට ඒකරාශී කර ගනිමින්, එම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ SPICY GALLERY 2023 අලෙවි ප්‍රදර්ශනය මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ප්‍රධාන ආරාධිත්වයෙන් පසුගිය 15 වන දින කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම කුළුබඩු අලෙවි ප්‍රදර්ශනය අංශ 06 ක් ඔස්සේ ප්‍රදර්ශනය පැවැත්වුණ අතර, එහිදී ව්‍යවසායකයන්ගේ අත්දැකීම් හා දැනුම හුවමාරු කරගනිමින් දේශීය හා විදේශීය වශයෙන් ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් හමුවක් හා ව්‍යවසායකයින්ගේ හා හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ප්‍රදර්ශනය පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, කර්මාන්ත දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ උදාර කොන්සි වත්ත, ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය අධ්‍යක්ෂ, ඇතුළු ව්‍යසායකයින් වෛද්‍යවරුන්, ගුරුවරුන් හා දරුවන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook