spicy gallery 2023 පාසල් ඉවුම් පිහුම් තරඟාවලිය.

spicy gallery 2023 පාසල් ඉවුම් පිහුම් තරඟාවලිය.

spicy gallery 2023 පාසල් ඉවුම් පිහුම් තරඟාවලිය. මධ්‍යම පළාතේ කුලුබඩු ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටලු හඳුනා ගැනීම හා ඒ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ ව්‍යසායකත්ව සංවර්ධනය කිරීමත්, අලෙවි ප්‍රවර්ධන අවස්ථා උදා කිරීම හා ආදායම් උත්පාදන මාර්ග සලසා දීම, විශේෂාංගිකරණය වූ සහ අගය එකතු කළ කුලුබඩු නිෂ්පාදනයන් එකම වෙළඳ ස්ථානයකට ඒකරාශී කර ගනිමින්, එම නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ SPICY GALLERY 2023 අලෙවි ප්‍රදර්ශනයට සමගාමිව පාසල් ඉවුම් පිහුම් තරගාවලියක් පැවැත්විය. රටේ අනාගත දරු පරපුරට දේශීය කුළුබඩු භාවිතය පිළිබඳව අත්දැකීම් හා දැනුම සහ නව වැඩසටහන් සඳහා අවකාශය සලසා දුන් මෙම තරගයට මධ්‍යම පළාතේ සියලුම කලාප නියෝජනය කරමින් දරුදැරියන් පිරිසක් සහභාගී වුහ. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ප්‍රධාන විනිශ්චයෙන් පසුගිය 15 වන දින කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම ඉවුම් පිහුම් තරගාවලියේදී දරුවන් විසින් කුළු බඩු යොදා ගනිමින් රසවත් කළ විශේෂිත හා නව ආහාර වට්ටෝරු ඉදිරිපත් කර තිබූ අතරම ඒ කෙරෙහි විශේෂිත ඇගැයීමක් මෙන්ම ප්‍රධාන විනිශ්චය ලබා දීම ආචාර්ය පබිලිස් සිල්වා සිදු කල අතර , මෙහිදී සියලුම කලාප අතරින් වත්තේගම කලාපයෙන් මහවැලි මධ්‍යම මහා විද්‍යාල ප්‍රථම ස්ථානයත්, කටුගස්තොට කලාපයෙන් කටුගස්තොට උඩුව මහා විද්‍යාලය දෙවන ස්ථානයත්, නුවර කලාපයෙන් මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමය තෙවන ස්ථානයත්, යන ස්ථාන ලබා ගනිමින් වටිනා ත්‍යාග හා සහතික පත් ලබා ගත්හ. එසේම සහභාගි වූ සියළුම කලාපවල දරුවන් සඳහා විශේෂිත වූ පාසල් උපකරණ සහිත ත්‍යාග කට්ටල පිරිනැමීමද සිදුවිය. එසේම කුළුබඩු වර්ග හා ඒවායේ භාවිතය තුළින් සිදුකළ හැකි එවුන් පියුම් වර්ග හා ක්‍රමවේදයන් පිළිබඳව හරවත් දේශනයකින් අදහස් දක්වමින් සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ නිවැරදි ආහාර පුරුදු දේශය ආහාර රටාවන් දරුවන් වෙත කුඩා කල සිටම පුරුදු පුහුණු කළ යුතු බවත් එමගින් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට එය ඉවහල් වන බවත්ය. මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, කර්මාන්ත දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ උදාර කොන්සි වත්ත, ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය අධ්‍යක්ෂ, ඇතුළු ව්‍යසායකයින් වෛද්‍යවරුන්, ගුරුවරුන් හා දරුවන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook