නුවරඑළිය බස් නැවතුම් අර්බුදය විසඳන්න ආණ්ඩුකාරතුමන් මැදිහත් වෙයි..
නුවරඑළිය බස් නැවතුම්පොළ වෙත දුරගමන් සේවා බස් රථ ඇතුළු කිරීම සම්බන්ධව ඇතිවු ගැටළුව නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් පැවති සාකච්ඡාවක් පසුගිය (28) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදි පැවැත්විණ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවති අතර උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් අදාල පාර්ශවයන්ගෙන් කරුණු විමසීමක් සිදුකෙරිණ.
මෙම ගැටළුව නිරාකරණය කිරීමට නුවරඑළිය මහ නගරසභාව මගින් කමිටුවක් පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩුකාරතුමන් නුවරඑළිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතාට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව නගරාධිපතිතුමන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ මගපෙන්වීම යටතේ නාගරික කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලදි. එම කමිටුවට නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පතිතුමන් නියෝජනය කරමින් නියෝජිතයෙක් , ශ්‍රී.ලං.ග.ම නියෝජනය කරමින් නියෝජිතයින් තිදෙනෙක් සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවය නියෝජනය කරමින් නියෝජිතයින් තිදෙනෙක් පත්කරන ලදි.
මෙම ගැටළුව නිරාකරණය කිරීමට අදාල විසදුම් සති දෙකක් ඇතුලත තමන් වෙත ලබා දෙන ලෙස ආණ්ඩුකාරතුමන් කමිටුවට උපදෙස් ලබා දුන්නේය..
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය, නුවරඑළිය.