මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය වූ පුහුණු වැඩසටහනක් අද දින (14) පල්ලෙකැලේ කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ දී පැවැත් විය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ උපදෙස් මත මෙම භාෂා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර කාලින අවශ්‍යතා පදනම් කර ගනිමින් නිලධාරීන්ගේ දැනුම යාවත්කාලින කිරීමත්, එමගින් නව්‍යකරණය වූ ආයතන පද්ධතියක් ගොඩනැගීම මෙහි ප්‍රමුඛ අරමුණවේ.
මෙම වැඩසටහනේ සම්පත්දයකත්ව ඒ.ආර්.එම්.රාෆි මහතා(භාෂා පරිවර්තක - ප්‍රධාන ලේකම් කාර්යාලය) විසින් ලබාදෙන ලද අතර, මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත් විය.
