මධ්‍යම පළාත් රාජ්‍ය සේවයට බදවා ගනු ලැබූ නවක සංවර්ධන නිලධාරීන් හා කළමනාකරණ සේවා නිලධාරීන් සදහා වන 6 වෙනි සේවාරම්භක පුහුණු වැඩසටහන පසුගියදා (30) පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ දී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මධ්‍යම පළාත් සභාවේ පිරිස් හා පුහුණු ඒකකය විසින් සංවිධානය කෙරුණු මෙම පුහුණු වැඩසටහන මෙම මස 30 හා 31 යන දෙදින පුරා පැවැත්වේ. මෙහිදී පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා විසින් පැවැත්වූ ආරාධිත ආරම්භක දේශනය 'ඉහළ කාර්යඵලයක් සදහා නවක රාජ්‍ය නිලධාරියෙකුගේ නිර්මාණශීලී ප්‍රවේශය හඳුනාගැනීම සහ කාලීන රාජ්‍ය සේවය තුළ නිලධාරියෙකු සතු විය යුතු භූමිකාව,සේවා විශිෂ්ටත්වය සදහා සූදානම' යන අංශ ආවරණය කරමින් සංවාදාත්මක ප්‍රවේශයකින් පැවැත්විය .
දෙවනුව ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා විසින් " රාජ්‍ය සේවය සහ රාජ්‍ය සේවය තුළ මෙහෙයුම් මට්ටමේ නිලධාරියෙකුගේ කාර්යය භාරය, වගකීම හා අභියෝග" පිලිබද වූ දේශනයෙන් දී මහජනයා වෙනුවෙන් ඉටුකළ යුතු සේවය, සංවර්ධන නිළධාරියාගේ භූමිකාව, විෂයය පථයන්, කාර්යයන් සැලසුම් කිරීම, ඇමතුම් දින පොත භාවිතය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කෙරිණි.
පස්වරුවේ මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල් කළමනාකරණ) අබ්දුල් කාදර් මහතා විසින් "පළාත් සභාවේ මූල්‍ය කළමනාකරණ ව්‍යුහය සහ එහි ක්‍රියාකාරිත්වය" පිළිබඳව කරුණු දක්වමින් සිය දේශනයක් පැවැත්වීය.
මෙම අවස්ථාවට පිරිස් හා පුහුණු ඒකකයේ ප්‍රධාන ලේකම් චන්දන වික්‍රමසූරිය, පිරිස් හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂිකා තිළිණි දෙහිගොල්ලේ යන මහත්ම මහත්මීන් එක්විය . මධ්‍යම පළාත් රාජ්‍ය සේවයට බඳවාගත් නවක සංවර්ධන නිලධාරීන් හා කළමනාකරණ සේවා නිලධාරීන් සියයකට වැඩි පිරිසක් මෙම වැඩමුළුවට සහභාගි විය.