රාජ්‍ය සේවකයින්ගේ දැනුම හා කුසලතාවයන් යාවත්කාලින කිරීමට මුල්‍ය ප්‍රතිපාදන බාධාවක් කර නොගෙන අඛණ්ඩව පුහුණු අවස්ථාවන් ලබාදෙමින් රාජ්‍ය යාන්ත්‍රනය නුතනයට ගැලපෙන ලෙස ගොඩනැගීම කාලින අවශ්‍යතාවයක් බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ අද දින (06) පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතන ශ්‍රවනාගාරයේදී පැවති ස්වයං සංවර්ධනය හා ස්වයං කළමනාකරණය පිළිබද පුහුණු වැඩමුළුව හා එක් වෙමිනි.
රාජකාරි හා පෞද්ගලික ජිවිතයේ සාර්ථකත්වයට අත්‍යාවශ්‍යම සංකල්පයන් ගෙන් අන්තර්ගත වූ මෙම වැඩමුළුව මගින් පුද්ගල හැකියාවන් වර්ධනය කරමින් නිසි කළමනාකරණයක් ඇතිකර ගැනීමෙන් ජිවිත සාර්ථකත්වයට මගපෑදීමේ උපායමාර්ග හා සංකල්පයන් ඇතුල්ව පැවතුනි. දැනුමින් හා කුසලතාවයෙන් පරිපුර්ණ රාජ්‍ය යාන්ත්‍රණයක් ඇති කිරීම වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරියෙකු වන සුජාන් නානායක්කාර මහතා විසින් ලබාදෙන ලදී. (මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ හා ජාතික සමගිය හා සහජීවනය පිළිබද අමාත්‍යංශයේ හිටපු ලේකම්, සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමනාකරණ උපදේශක ) රාජ්‍ය මුල්‍ය කළමනාකරණය වෙනුවෙන් මෙම පුහුණු වැඩසටහන් සදහා ආහාර පාන ,තේපැන් හා මුද්‍රිත නිබන්දන ලබාදීම හා සම්පත්දායක දීමනා ගෙවීමකින් තොරව සංවිධානය කොට පැවතීම විශේෂත්වක්යකි.
මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය මගින් සංවිධානය කරන ලද මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ මෙහෙයුම් මට්ටමේ නිලධාරින් වෙනුවෙන් සංවිධානය වූ මෙම වැඩමුළුව සදහා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය , කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේ අධ්‍යක්ෂිකා තිලිණි දෙහිගොල්ලේ යන මහත්ම මහත්මීන් සහභාගී විය.