කුන්ඩසාලෙට නව කෝප් සිටි දෙකක් .
ග්‍රාමීය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සදහා කැපවූ සමුපකාරය නවීකරණය වූ සියලු පාරිභෝගික අවශ්‍යතා සපුරාලන වෙළද ජාලයක් බවට පත් කිරීම සදහා ක්‍රියාත්මක CEP- CO ව්‍යාපෘතියේ තවත් කෝප් සිටි වෙළද සැල් දෙකක් යග්ගහපිටිය සහ අඹකොටේ යන ගම් ආශ්‍රිතව ආරම්භ කෙරේ. නව කෝප් සිටි වෙළද සැල් පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සුරතින් පාරිභෝගික අයිතියට පවරා දෙනු ලැබිය.
කුණ්ඩසාලේ විවිධ සේවා සමුපකාර සමිතිය මගින් ආරම්භ කරන ලද කෝප් සිටි වෙළද සල් මගින් ගම්බද ජනතාවට ඉතා ඉහල , ගුණාත්මක භාණ්ඩ ගමේ දීම මිලදී ගැනීමේ ඉඩකඩ ලැබෙන අතරම තමන් ගේ කොටුවේ වගා කෙරෙන කෘෂි නිෂ්පාදන අලෙවි කර ගැනීම සදහා ද අවස්ථාව සැලසෙන බව මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා රැස්ව සිටි පිරිස අමතමින් පැවසිය. පළාතේ එකම සමුපකාර සමිතියක් හෝ පාඩු නොලබන බවත් එසේ අඩුපාඩු සහිතව පවත්වා ගෙන ගිය සමිති කිහිපයක් ම අද වන විට විශාල පරිවර්තනයකට ලක් වී ඇති බවත් පැවසු ආණ්ඩුකාරවරයා වසංගත අභියෝගය හමුවේ සමුපකාර සමිති ඉටු පාරිභෝගික සේවාව අගය කරනු ලැබිය.
යග්ගහපිටිය කෝප් සිටි වෙළද සැල සිරි ජයසුන්දරාම විහාරස්ථානය අසලත් , අඹකොටේ කෝප් සිටි අලෙවි සැල ගම මධ්‍යයේ පිහිටි ග්‍රාමීය බැංකු ගොඩනැගිල්ලේ බිම් මහලේත් ස්ථාපිත කොට ඇත. ස මිතියේ සභාපති තිස්ස උඩගම මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරාධනාවෙන් පළාත් ආණ්ඩුකාරවරයා අතින් පළමු ගනුදෙනුව සිදු කෙරුණු අතර ප්‍රදේශ වල අඩුආදායම් ලාභී පවුල් කිහිපයක පාසල් දරුවන් ට පාසල් පොත් පත් සහ උපකරණ ද ,පවුල් සදහා වියලි ආහාර පාර්සල් ද පිරිනැමිය .
මෙම අවස්ථාවන් සදහා ප්‍රාදේශීය සභා සභාපති රන්ජර අක්මීමන , ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් සමුපකාර ලේකම් උපාලි රණවක, සමුපකාර කොමසාරිස් අමිල නවරත්න යන මහත්වරුන් ඈතුලු ආරාධිත පිරිසක් එක්විය.