“VISIT KANDY”

“VISIT KANDY”

මධ්‍යම පළාත් වෙළද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව මගින් සංවිධනය කරනු ලබන “VISIT KANDY” සංචාරක ප්‍රවර්ධන වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සිටි සෙන්ටර් ආයතන පරිශ්‍රයේදී (KCC) අද දින (07) ආරම්භ කෙරින. මහනුවර ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයට සමගාමීව විදේශ විනිමය රට තුළට ගෙන ඒම වෙනුවෙන් මධ්‍යම පළාතෙන් නව වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මහනුවර නගරය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සදහා දේශීය සංස්කෘතිකාංග , දේශීය සාම්ප්‍රදායික ආහාරපාන , අත්කම් නිපැයුම් ඇතුළු අංශ රැසක් එක් කරමින් මෙම ප්‍රදර්ශනය සංවිධනය කර පවතින අතර වෙළදපොල අවස්ථා උදාකරමින් ජන ජීවිතය නගාසිටුවීම සදහා මග උදාකිරීම මෙන්ම විදේශීය සංචාරකයින් රටතුළට හා මහනුවර නගරය වෙත ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන සංවිධානය කොට පවතී. සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ව්‍යවසායකයින් , රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශව කරුවන් සම්බන්ධ කර ගනිමින් වෙළද ප්‍රදර්ශනයක් මෙන්ම විදේශීය සංචාරකයින් හට මෙහිදී ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමේ අවස්ථා උදා කරමින් මධ්‍යම පළාතේ අනන්‍යතාවය විදහා දක්වන සංස්කෘතිකාංග සංදර්ශනයන් දිනපතා මිට සමගාමිව ක්‍රියාත්මක වන අතර මෙම වැඩසටහන අගෝස්තු 07,08,09 හා 10 යන දිනවලදී පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා පැවැත්වේ. මෙම වැඩසටහන සදහා මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති රුවන් ගලපිටිය ,මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන සංචාරක අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් ,කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසුරිය, කලාපිය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ආනන්ද ස්ටීවන් , කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත , සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සදමාලි හේවගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook