වීර කැප්පෙටිපොල සහ වීර මඩුගල්ලේ 204 වන මහවිරු සැමරුම් රාජ්‍ය උත්සවය මාතලේදී

වීර කැප්පෙටිපොල සහ වීර මඩුගල්ලේ 204 වන මහවිරු සැමරුම් රාජ්‍ය උත්සවය මාතලේදී

වීර කැප්පෙටිපොල සහ වීර මඩුගල්ලේ 204 වන මහවිරු සැමරුම් රාජ්‍ය උත්සවය මාතලේදී !

වීර කැප්පෙටිපොල සහ වීර මඩුගල්ලේ 204 වන මහවිරු සැමරුම් රාජ්‍ය උත්සවය ඉකුත්දා (26) මාතලේ පුස්තකාල පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තුමන්ත්‍රී ,දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති නාලක කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

මෙහිදී විරුවන් සිහිකරමින් ඔවුන්ගේ ස්මාරක අභියසදී පුෂ්පෝහාර දැක්වීම සිදුකළ අතර 1818 ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය සදහා නායකත්වය ලබාදුන් මොණරවිල කැප්පෙටිපොල මහා දිසාව සහ වීර මඩුගල්ලේ උඩගබඩා නිලමේ දැයෙන් සමුගෙන වසර 204 සපිරීම නිමිති කරගෙන මෙම ගුණ සැමරුම් උළෙල වීර මොණරවිල කැප්පෙටිපොල ජාතික පදනම , වීර මඩුගල්ලේ ජාතික පදනම හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර පැවතුනී.

මෙහි ප්‍රධාන ගුණානුස්මරණ දේශනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සදහා වීර මොණරවිල කැප්පෙටිපොල හා වීර මඩුගල්ලේ පදනමේ සභාපති වෝල්ටර් බි තැන්න ,පදනමේ ලේකම් මාධ්‍යවේදී එම්.ඩබ්ලිව්.සෝමරත්න ඇතුළු පදනමේ සාමාජිකයින් , ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න , මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගී වුහ.

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook