“යෞවනයයි ප්‍රබෝධයයි" යන තේමාව යටතේ ගඟඉහළ කෝරළේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

“යෞවනයයි ප්‍රබෝධයයි" යන තේමාව යටතේ ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් උඩ හේන්තැන්න සේනාධිකාරි ජාතික පාසලේ ඉකුත්දා පැවැත් විය. ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන සදහා නව කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිතුමා, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිතුමා සහ ප්රාදෙහිය සභාවේ පරිසර අංශයේ නිලධාරින් සහභාගී විය.

අයවැය හා වැටුප් ඇස්තමේන්තු සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩමුළුවක්.

පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ මඟ පෙන්වීමෙන් අයවැය හා වැටුප් ඇස්තමේන්තු සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩමුළුවක් නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී, මධ්‍යම පළාතේ සියලුම පළාත් පාලන ආයතනවල විෂය නිළධාරින් හා පළාත් පාලන දෙපාර් තමේන්තුවේ විමර් ශන නිළධාරින් වෙනුවෙන් පැවැත්විණි. නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පසුගිය 03 දින පැවැති මෙම වැඩමුළුව සඳහා සම්පත්දායකත්වය මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර් යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(මුදල්) ජී.එම්.කේ. ඒකනායක මහතා හා පළාත් පාලන දෙපාර් තමේන්තුවේ ගණකාධිකාරි ඩබ්.ජී.එම්.කේ. බංඩාර මහතා විසින් ලබාදෙන ලදී.

ගඟ ඉහළ කෝරළේ කසල කළමනාකරණය හා ඩෙංගු රෝග පාලනය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්.

ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ කසල කළමනාකරණය හා ඩෙංගු රෝග පාලනය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට සමගාමිව මාළිගා පුරන, ගම්පොලවෙල ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත්දා පවත්වන ලදී.

ගලේවෙල බිම්මල් වගාව පිළබදව දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

අහාර සුරක්ෂිතතාව ඇති කිරීම වෙනුවෙන් ජනතාව පෙළගැස්වීම සදහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිය යටතේ ගලේවෙල ප්‍රාදේශීය සභවේ පරිසර අංශය හා ගලේවෙල මහජන පුස්තකාලය එක්ව ක්‍රියාත්මක කරන ලද බිම්මල් වගාව පිළබදව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණ.

කසළ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව උපාය මාර් ගික සැළසුම් සකස් කිරීම .

කසළ කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව උපාය මාර් ගික සැළසුම් සකස් කිරීම හා හා එම සැළසුම් ක්‍රියාවට නැංවීම පිළිබඳ පළාත් පාලන ආයතන වල පරිසර නිළධාරින් , ප්‍රජා සංවර් ධන නිළධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය 28 දින නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විනි. මෙහි සම්පත්දායකත්වය, පළාත් පාලන දෙපාර් තමේන්තුවේ මූලස්ථාන ප්‍රජා සංවර් ධන නිළධාරි එච්.එම්. ධම්මික හේරත් මහතා විසින් විසින් ලබා දෙන ලදී.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook