දඹුල්ල මහා නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රජා මණ්ඩල 14ක් සඳහා විදුලි පහන් 28ක් ලබා දීමේ වැඩසටහනක්.

දඹුල්ල මහා නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රජා මණ්ඩල 14ක් සඳහා විදුලි පහන් 28ක් ලබා දීමේ වැඩසටහන 2022.11.16 වන දින මහා නගර සභා ගර්භයේදී ගරු නගරාධිපති ජාලිය ඕපාතා මහතා  ඇතුළු  නාගරික මන්ත්‍රීවරුන්ගේ හා  මාතලේ පළාත් පාලන සහකාර කොමසාරිස්තුමාගේ සහභාගිත්වයෙන් පවත් වන ලදි. 

* යාපාගම ප්‍රජා මණ්ඩලය - යාපාගම 

* බුලාගල ප්‍රජා මණ්ඩලය - බුලාගල 

*සර්ව උදාන ප්‍රජා මණ්ඩල - කපුවත්ත

* එක්සත් ප්‍රජා මණ්ඩලය - පැල්වැහැර

* ඉසුරු සම්පත් ප්‍රජා මණ්ඩලය - දඹුල්ල නගරය

* සමගි ප්‍රජා මණ්ඩලය - පොහොරන්වැව

* නවපාදෙනිය ප්‍රජා මණ්ඩලය - දඹුල්ල නගරය 

* අතුපාරයාය ප්‍රජා මණ්ඩලය - අතුපාරයාය 

* තිත්තවැල්ගොල්ල ප්‍රජා මණ්ඩලය - තිත්තවැල්ගොල්ල 

* මොරගොල්ලෑව ප්‍රජා මණ්ඩලය  - මොරගොල්ලෑව 

* දිලෙනතරු ප්‍රජා මණ්ඩලය  - පහළවැව

* රංගිරි ප්‍රජා මණ්ඩලය  - සලුඅපුල්ලනවැව

* රංගිරි ප්‍රජා මණ්ඩලය - දඹුලුගම 

* එකමුතු ප්‍රජා මණ්ඩලය  - රත්මල්ගහඇල

යටිනුවර ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව උපකාරක සම්මන්ත්‍රණ මාලාවේ ප්‍රථම අදියර.

යටිනුවර ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව උපකාරක සම්මන්ත්‍රණ මාලාවේ ප්‍රථම අදියර ඉකුත් දා(15) ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත රූපස්සර මහතාගේ ප්‍රධානත්වයෙන් දන්තුරේ මහා විද්‍යාලයේ දී ආරම්භ කෙරිණ.

 

මෙම සම්මන්ත්‍රණය සඳහා යටිනුවර බල ප්‍රදේශයේ දන්තුරේ කොට්ඨාශය තුල ඉතා දුෂ්කර ප්‍රදේශයන්හි පවතින පාසල් වල දරුවන් සහභාගි කරගනිමින් විභාගයට සූදානම් කිරීම සිදුකරන ලද අතර මෙම උපකාරක සම්මන්ත්‍රණය සඳහා ළමුන් තුන් සියයක් පමණ සහභාගි විය. දන්තුරේ ධම්මරක්ඛිත විද්‍යාලය, රත්තෙපිටිය මහා විද්‍යාලය, උඩබල කණිෂ්ඨ විද්‍යාලය, ඌරාපොල කණිෂ්ඨ විද්‍යාලය , මාඩ මුල මහා විද්‍යාලය, වල්ගොව්වාගොඩ බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය, ගිරාගම කනිෂ්ඨ විද්‍යාලය එන විද්‍යාල දරුවන් මේ සඳහා තෝරාගෙන පැවතුණි.

 

මම උපකාරක සම්මන්ත්‍රණයේ සම්පත් දායකත්වය මුරුතලාව ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රවීණ දේශක බී . හර්ෂ මහතා විසින් ලබාදෙන ලදී.

 

මෙම අවස්ථාව සඳහා විද්‍යාලයේ විදුහල්පතිනිය , දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලය ගුරු උපදේශකවරුන් ,ප්‍රාදේශීය සභාවේ ලේකම් සිසිර කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

 

 

 

යටිනුවර බල ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් ශිෂ්‍යත්ව උපකාරක සම්මන්ත්‍රණ මාලාවේ දෙවන අදිය.

යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත රූපස්සර මහතාගේ උපදෙස් මත බල ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කෙරෙන  ශිෂ්‍යත්ව උපකාරක සම්මන්ත්‍රණ මාලාවේ දෙවන අදියර අද දින (16) ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගේ  ප්‍රධානත්වයෙන් මැණික්දිවෙල ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත් විය.

 

මෙම සම්මන්ත්‍රණය යටිනුවර බල ප්‍රදේශයේ ඉතා දුෂ්කර ප්‍රදේශයන්හි  ජීවත් වන ආර්ථිකමය ගැටලුවලට මුහුණදෙමින් අධ්‍යාපන කාර්යයේ නිරතවන  දරුවන් වෙත දැනුම ලබා දෙමින් විභාගය ට සූදානම් කරවිමේ අපේක්ෂාවෙන් යටිනුවර  ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කොට පැවතුනි.

 

මෙම උපකාරක සම්මන්ත්‍රණය සඳහා ළමුන් හාරසීයක් පමණ සහභාගි වූ අතර උපකාරක සම්මන්ත්‍රණය සඳහා සම්පත් දායකත්වය පිළිමතලාව ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්ය රුවන් රණසිංහ මහතා විසින් ලබාදෙන ලදී.

 

මෙම වැඩසටහනට සමගාමීව දරුවන්ගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් ප්‍රාදේශීය සභාව මඟින් පෝෂදායි දිවා ආහාර වේලක් දරුවන් සඳහා ලබාදීමට ද කටයුතු සංවිධානය කොට පැවතිම  විශේෂත්වයකි.

 

මෙම අවස්ථාව සඳහා විද්‍යාලයේ විදුහල්පති එල්. ඩී. වීරසූරිය මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, ප්‍රාදේශීය සභාවේ ලේකම් සිසිර කුමාර, පුස්තකාල විෂයභාර නිලධාරී ප්‍රභාත් ඉන්දික විතානගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මඩිගේ නගරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක්.

තුම්පනේ ප්‍රාදේශීය සභාව ,මාර්ග සංවර්ධන අධිකාරිය හා පොලිසිය ඒකාබද්ධව  ගලගෙදර මඩිගේ  නගරය පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයක් සංවිධානය කෙරිණි.

රත්තොට වේරගම මහජන පුස්තකාලය විසින් සබන් නිෂ්පාදනය කිරිමේ වැඩසටහනක්.

රත්තොට වේරගම මහජන පුස්තකාලය විසින් සබන්  නිෂ්පාදනය කිරිමේ වැඩසටහනක් පැවැත්වුණි. මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය විදාතා මධ්‍යස්තානයේ දිමුතු ධනසේන මහතා විසින් සපයන ලදි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook