මධ්‍යම පලාතට අංග සම්පුර්ණ නවීන තාක්ෂණයෙන් යුත් සේදුම් මධ්‍යස්ථානයක්

මධ්‍යම පලාතට අංග සම්පුර්ණ නවීන තාක්ෂණයෙන් යුත් සේදුම් මධ්‍යස්ථානයක් .

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ සංකල්පයකට අනුව පළාත් මාර්ග අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන හා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මැදිහත් වීමෙන් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නිතිඥ ලලිත්. යු. ගමගේ මහතාගේ මගපෙන්වීම මත ඉදිකරණ ලද වාහන සේදුම් මධ්‍යස්ථානයක් විවෘත කිරීම පසුගියදා අඹතැන්න යාන්ත්‍රික ඉංජිනේරු සේවා පරිශ්‍රයේ දී සිදු කෙරිණ.

පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වාහන මෙන්ම මධ්‍යම පළාත් සභාවේ, අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු හා පළාත් පාලන ආයතන සතු වාහන සැලකිය යුතු ප්‍රමාණයක් මෙතෙක් අලුත් වැඩියාවන් හා වාර සේවා කටයුතු සිදු කරනු ලැබුවේ යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය මගිණි.අලුත් වැඩියා හා වාර සේවාවෙන් පසු වාහන සේදීමේ හා පිරිසිදු කිරීම් සදහා පෞද්ගලික වාහන සේවා මධ්‍යස්ථාන වෙත යොමුකළ යුතුය .මේ සදහා අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇත. මෙයට විසදුමක් ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ සංකලපයකට අනුව මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ මගපෙන්වීම මත මධ්‍යම පළාත් සභා ආයතන සතු වාහන සේවා කිරීම තුලින් රාජ්‍ය වියදම අවම කිරීම,අමතර ආදායම් මාර්ග උත්පාදනය , ගුණාත්මක සේවයක් ලබාදීම, නව රැකියා අවස්ථා උදාකිරීම, සේවක සුභසාදනය ඉහල නැංවිම අරමුණුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. 2020 වර්ෂයේ මුල්ගල තැබූ මෙම ව්‍යාපෘතිය දෙවසරක කාලය තුල නිම කිරීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස කාගේත් ප්‍රසංසාවට බදුන් විය .

මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නිතිඥ ලලිත්. යු. ගමගේ මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා මාර්ග අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමවංශ කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක හා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය හා කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය .

 

“ප්‍රභාවි”තෙල්දෙණිය අධ්‍යාපන කලාපයෙන් විදුහල්පති ප්‍රණාම උළෙලක්!

“ප්‍රභාවි”තෙල්දෙණිය අධ්‍යාපන කලාපයෙන් විදුහල්පති ප්‍රණාම උළෙලක් !

රට තුළ පවතින ආර්ථික අර්බුදයට සියලු කාර්යයන් යටවීමට ඉඩනොදී කාර්යය සාර්ථකත්වයට අවශ්‍ය පියවර ගත යුතුයි. අධ්‍යාපනය කියන්නේ එලෙස යටවීමට ඉඩ නොදියයුතු ක්ෂේත්‍රයක්. රටේම අනාගතය දරුවන්. අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඔවුන්ගේ ජීවිතය යහමගට මෙන්ම රටේ අභිමානය ගොඩනැංවීමට වැඩි දායකත්වයක් ලබාදෙනවායි මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා පවසයි.

ඒ මහතා මෙලෙස පැවසුයේ පසුගියදා (09)තෙල්දෙණිය ජාතික පාසලේ එඩ්මන් විජේසිංහ ශාලාවේදී පැවති තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් ඇගයීමේ “ප්‍රභාවි” ප්‍රණාම උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා ,අද සමාජයේ පවතින විවිධ අර්බුදයන් හමුවේ අධ්‍යාපනය ලැබීමත් , ඒ වෙනුවෙන් වියදම් දැරීමේ හැකියාවත් ඉතා අපහසු තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ.ඒ වාගේම දරුවන්ගේ පෝෂණය මට්ටම පිලිබදව ගැටළු පැවතියත් ඒවා කළමනාකරණය කර ගනිමින් කටයුතු කරන අතරේ මත්ද්‍රව්‍ය වලින් දරුවා බේරා ගැනීමේ ප්‍රබල අභියෝගයත් මතු වෙලා තියෙනවා. ඒ අභියෝගය ජය ගනිමින් දරුවන්ගේ අනාගත සුරක්ෂිත බව ගොඩනැගීම වෙනුවෙන් විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්හට විශාල වූ වගකීමක් පැවරෙන බව පැවසිය.

පාසල්වල පවතින කාර්යයසාධනය ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් සංවිධානය කර පැවති විදුහල්පති ප්‍රණාම උළෙලේදී විදුහල්පතිවරුන් , ගුරු උපදේශකවරුන් , අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළුව 150 දෙනෙකු වෙත උපහාර පිදීම සිදු කරන ලද අතර මෙහිදී පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ජාතික මට්ටම් ඉක්මවූ පාසල්, අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ජාතික මට්ටම් ඉක්මවූ පාසල්, පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්ව දර්ශකයමත පදනම්ව පාසල් ඇගයීමට ලක් කිරීම , දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යන පාසල් ඇගයීම , විශිෂ්ට ව්‍යවහාර සදහා ඉදිරිපත් වී තෙල්දෙණිය කලාපය නියෝජනය කළ පාසල් ඇගයීම, කලාපයේ ප්‍රතිපල සංවර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වය මත අධ්‍යක්ෂ මණ්ඩලය ඇගයීම සහ විශිෂ්ට සේවාවක් සපයා විශ්‍රාම යන විදුහල්පතිවරුන හය දෙනෙකු ඇගයීමට ලක් කිරීමද සිදුකරන ලදී.

 

මැදදුමිබර ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද ජලමුලාශ්‍ර හා ජලපෝෂක සංරක්ෂනය හා ජලසංරක්ෂණ සැලස්ම සකස් කිරිම

මැදදුමිබර ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද ජලමුලාශ්‍ර හා ජලපෝෂක සංරක්ෂනය හා ජලසංරක්ෂණ සැලස්ම සකස් කිරිම පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක් ඉකුත්දා සංවිධානය කොට පැවතුනි.

මේ සදහා ප්‍රජා ජල ව්‍යාපෘති නිළධාරින් හා රාජ්‍ය ආයතන නිළධාරින් රැසක් සහභාගී විය.

තාක්ෂණ පුහුණු ආයතන සහතික පත් පිරි නැමේ

තාක්ෂණ පුහුණු ආයතන සහතික පත් පිරි නැමේ.

මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක තාක්ෂණ පුහුණු ආයතනවල පාඨමාලා හැදෑරූ තරුණ තරුණියන් වෙත සහතික පත් පිරිනැමීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

මෙම කාර්යය සංවිධානය කෙරුණේ පළාත් ආණ්ඩුකාර ගමගේ මහතා එම ධුරයට පත්ව තෙවසරක් සපිරීම නිමිත්තෙනි.

වෘත්තීය පුහුණු සහතික පත් පිරිනැමේ

වෘත්තීය පුහුණු සහතික පත් පිරිනැමේ. 

පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය  යටතේ ක්‍රියාත්මක හුරිකඩුව නැණෝදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලද තරුණ තරුණියන්  වෙත අදාළ සහතික පත් පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පිරි නැමිණි .

මෙය සංවිධානය කෙරුණේ ආණ්ඩුකාර ගමගේ මහතා එම ධුරයට පත්ව තෙවසරක් සපිරීම නිමිත්තෙනි.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook