“ඉසුරුබර හෙටක් ආශ්චර්‍යමත් රටක් ගොඩනගන්නට සභාපති ජංගම සේවය සලසයි ගමට සේවය"

“ඉසුරුබර හෙටක් ආශ්චර්‍යමත් රටක් ගොඩනගන්නට සභාපති ජංගම සේවය සලසයි ගමට සේවය"

මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්ගේ සංකල්පයක් අනුව"ප්‍රාදේශීය සංවර්ධනයක් උදෙසා" යන තේමාව පෙරදැරිකර ගනිමින්, සෑම මසකම පැවැත් වෙන "සභාපති ජංගම සේවය" පසුගියදා කෝට්ටගොඩ ඉඹුලන්දණ්ඩ ධර්මකීර්තියාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.

මෙම සත්කාර්ය සාර්ථක කර ගැනීම සදහා මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ප්‍රමුඛ මන්ත්‍රීමණ්ඩලය,කාර්ය මණ්ඩලය,මාතලේ පලාත් පාලන සහකාර කොමසාරිස් කර්‍යාලය,මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලය, ,පශු වෛද්‍යතුමා ඇතුළු කාර්ය මණ්ඩලය,ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය,දිසා වන හා අඩවි වන කාර්‍යාලය, ගොවිජන සේවා කාර්යාලය,පලාපත්වල ආයුර්වේද මධ්‍යස්ථානය,පලාපත්වල මහජන පුස්තකාලය ආදී රාජ්‍ය ආයතන රාශියක් එකාබද්ධව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

 

උත්සහයෙන් දියුණුවට ජීවනෝපාය සංවර්ධන වැඩ සටහනක්

උත්සහයෙන් දියුණුවට ජීවනෝපාය සංවර්ධන වැඩ සටහනක් .

මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ රැකියා විරහිත ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගෙන මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතාගේ සංකල්පයක් අනුව පවත්වනු ලබන ජීවනෝපාය සංවර්ධන පුහූණු වැඩමුළු මාලවේ පළමු වන වැඩසටහන ඉකුත්දා මාතලේ ප්‍රාදේශීය සභාවේ නිමල් ජයවර්ධන පුරහල ශාලාවේ දී පැවැත් විය.

පවත්නා ආර්ථික අර්බුදය හමුවේ නිවසින් ආර්ථිකය ජය ගැනීමට සරල තාක්ෂණය යොදා ගනිමින් ආර්ථික අර්බුදයට ශක්තියක් වීම වෙනුවෙන් රෙදි සෝදන සබන් හා සබන් කුඩු නිෂ්පාදනය පිළිබදව පැවැත් වූ මෙම පුහුණු වැඩ සටහන සදහා මාතලේ කාර්මික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ රෝහිත සුමනවීර , පලාපත්වල ග්‍රාමීය බැංකුවේ නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී ඒ.එල් උඩගේ යන මහත්වරුන් හා මාතලේ ප්‍රාදේශීය සභාවේ පරිසර නිලධාරී හා ආදායම් පරීක්ෂක නිලධාරී විසින් සම්පත් දායකත්වය ලබාදෙන ලද අතර , මෙහිදී විසින් කර්මාන්තයක්/ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී මූල්‍යම සහයෝගය ලබා ගන්නා ආකාරය පිළිබදවද, කාර්මාන්තයක් ආරම්භ කිරීමේ දී වැදගත්වන නීතිමය රාමුව පිළිබදවද පැහැදිලි කරන ලදි.

 

යටිනුවර පලාත් පාලන ඉතිහාසයේ සංවර්ධන කටයුතු සඳහා වෙන් කල වැඩිම මුදල 2023 වර්ෂයේ අයවැයෙන්!

යටිනුවර පලාත් පාලන ඉතිහාසයේ සංවර්ධන කටයුතු සඳහා වෙන් කල වැඩිම මුදල 2023 වර්ෂයේ අයවැයෙන් !

2023 වර්ෂය වෙනුවෙන් යටිනුවර ප්‍රාදේශීය සභාව ඉදිරිපත් කරන ලද අයවැය ඒකමතිකව සභාසම්මත විය. 2023 වර්ෂයේ අයවැය ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගියදා (29 ) සභාපති ආර්.එන්.කේ.රූපස්සර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මහා සභාවේදී ඉදිරිපත් කෙරින.

2023 වර්ශය සඳහා ඉදිරිපත් කල අයවැය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුලත් යෝජනා අතරට , බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීම පිළිබඳව ප්‍රජාව හා පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමට, කිරිමැටියවත්ත කසල අංගනය තවදුරටත් සංවර්ධනය කිරීමට, සභාව සතු ඉඩම් තුල පරිසර හිතකාමී ශාක සිටුවීමට, යටිනුවර බල ප්‍රදේශයේ ඓතිහාසික ස්ථාන තුල යටිතල පහසුකම් සංවර්ධනය කර සංචාරක කටයුතු සංවර්ධනය කිරීමට, ජල යෝජනා ක්‍රමය තවදුරටත් සංවර්ධනය කිරීමට, වැඩ ඒකකය සඳහා රුපියල් මිලියන 15ක් වෙන් කිරීමට, පුස්තකාල සේවාව නවීන ලෝකයට ගැලපෙන අයුරින් තොරතුරු තාක්ෂණය යොදාගනිමින් නවීකරණය කිරීමට, බල ප්‍රදේශයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නැංවීමේ වැඩසටහන් සංවිධානය කිරීමට, මෙම වසර තුල ඉදිකිරීම් ආරම්භ කල ගන්නෝරුව ආයුර්වේද මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ලබන වසර තුල අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට, කාන්තා අභිවෘද්දි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ලක්ෂ 10ක මුදලක් වෙන් කිරීමට, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය පොත්පත් සහ උපකරණ කට්ටල ලබා දීමට, යටිනුවර බල ප්‍රදේශයේ ජනතාවගේ පෝෂන අවශ්‍යතාවය ඉහල නැංවීම වෙනුවෙන් ලක්ෂ 12 වෙන් කිරීමට, යටිනුවර ජනතාවට වඩාත් ඉහල උපරිම සේවාවක් ලබා දීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම ඇතුලත්වේ.

යටිනුවර පලාත් පාලන ඉතිහාසයේ සංවර්ධන කටයුතු සඳහා වෙන් කල වැඩිම මුදල වන රුපියල් මිලියන 65ක මුදලක් 2023 වර්ෂය තුල වෙන් කිරීමට මෙහිදී යෝජනා කර ඇත.

WWW.ZEOGALEWELA.LK වෙබ් අඩවිය එළිදැක්වේ.

WWW.ZEOGALEWELA.LK වෙබ් අඩවිය එළිදැක්වේ.

මානව ක්‍රියාකාරකම් සදහා සහයක් ලෙස තාක්ෂණය යොදා ගැනීම නුතනයේ ප්‍රබල අංගයක් බවට පත්වී ඇති බවත් අරමුණුගත ඉලකකයන් වෙත ගමන් කිරීමේදී රාජ්‍ය ආයතන ද තාක්ෂණයේ දායකත්වය ලබා ගනිමින් තොරතුරු තාක්ෂනයෙන් ජනහිතකාමී කාර්යක්ෂම සේවාවන් ලබාදීම කාලින අවශ්‍යතාවයක් බවට පත්ව ඇති බව මාධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා පවසයි.

ඒ මහතා මෙලෙස පැවසුයේ ඉකුත්දා (30) දඹුල්ල සන්නස හෝටල් පරිශ්‍රයේ සංවිධානය කර පැවති ගලේවෙල අධ්‍යාපන කලාපයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

සිසුන්ට ,ගුරුවරුන් , පාසල් පද්ධතියට හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලෙන පුද්ගලයින් සදහා වඩා සක්‍රිය සේවාවක් ලබාදීමේ අරමුණින් ගලේවෙල අධ්‍යාපන කලාපය මගින් නව තාක්‍ෂණය බද්ධ කර ගනිමින් සේවා සැපයුම පුළුල් කිරීම වෙනුවෙන් මෙම වෙබ් අඩවිය නිර්මාණය කොට ඇති අතර එමගින් සේවා රැසක් සැපයීමට සැලසුම් කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුජීවා වීරසුන්දර මහත්මිය, මෙවැනි ක්‍රියාකාරකම් මගින් අභියෝග ජය ගනිමින් මධ්‍යම පළාතේ අධ්‍යාපනයේ ගමන්මග නව දිශානතියක් වෙත ගෙනයාමටයි අපේ උත්සාහය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුක්ත සේවාලාභින්ගේ සේවා තෘප්තියත් සමග දරුවන්ගේ සාධනීය අධ්‍යාපන අභිමතාර්ථ ඉටු කිරීම සදහා නව දිශානතියක් වෙත අධ්‍යාපන ක්ෂේත්‍රය ගෙනයාම වෙනුවෙන් මෙම නව ව්‍යාපෘති ආරම්භ කළේ. මධ්‍යම පළාතේ පවතින දුෂ්කර අධ්‍යාපන කලාපයක් වුවත් නව තාක්‍ෂණය සමග බද්ධ වෙමින් සේවාවන් වඩා ජනහිතාකාමිව හා කාර්යක්ෂමව සපයාදිමටත් , නව දැනුම හා තොරතුරු ලබාගැනීමට මග උදා කිරිමත් වෙනුවෙන් මෙම වෙබ් අඩවිය නව අංග එක් කරමින් නිර්මාණය කර ඇති බව කලප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පැවසිය.

ගලේවෙල අධ්‍යාපන කලාපය මගින් සංවිධානය කර පැවතී මෙම අවස්ථාව සදහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන ) ඒ.එල්.එම්. සාරුඩින්, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) එස්.දිසානායක යන මහත්වරුන් ඇතුළු සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ,විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුක්ත ගණකාධිකාරීවරුන් සදහා මාර්ගගත ප්‍රසම්පාදන ක්‍රියාවලිය

මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුක්ත ගණකාධිකාරීවරුන් සදහා මාර්ගගත ප්‍රසම්පාදන ක්‍රියාවලිය (Electronic Government Procumbent – eGP) පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත්දා (29) පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ පරිගකගාරයේදී පැවැත් විය.

කාර්යයක්ෂම හා වඩා විනිවිධාභාවයෙන් සේවාවන් සැපයීම අරමුණු කර ගනිමින් මධ්‍යම පළාත් මුදල් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වීරබාහු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර පැවතුනි.

 

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook