මහනුවර වටපුළුව නැණෝදා ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ උළෙල අද පෙරවරුවේ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ජී. එච්. ඒ. ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වටපුළුව ඇඹල රාජමහා විහාරස්ථ ධර්ම මන්දිරයේදී උත්සවාකාරයෙන් පැවැත්විණ.
මහනුවර අධ්‍යාපන කලාපයේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵලය වාර්තා කිරීමට සමත්ව ඇති මෙම විද්‍යාලයෙන් මෙවර විභාගයට පෙනීසිටි ළමුන් 25 දෙනාම ලකුණු 100ට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් සමත්වී ඇති අතර වාර්තා වන ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 184 වේ. අවම ලකුණු සංඛ්‍යාව 106 කී. ඉහළම ලකුණු ලබාගෙන ඇත්තේ ලවන් සස්මිත ශිෂ්‍යයායි.
කාලයත් සමඟ වැසි යාමේ තර්ජනයට ලක්වූ විද්‍යාලයක් වන මෙම විදුහල නැවත 2013 ජනවාරි 21 වන දින ළමුන් 7 දෙනෙකුගෙන් හා එක් ගුරුවරයෙකුගෙන් ආරම්භ කරනු ලැබු අතර ක්‍රමිකව සංවර්ධනය වී වර්තමානය වන විට දරුවන් ඇතුලත් කිරීමට ඉහළ තරඟකාරීත්වයක් නිර්මාණය වී ඇත. ඒ ඉහල අධ්‍යාපනික ප්‍රතිඵල හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් දරුවන් ප්‍රකට කරනු ලබන විශිෂ්ට දක්ෂතා හේතුවෙනි.
වර්තමාන විදුහල්පතිනි ඩබ්.එන්. එස්. විජේතුංග මහත්මිය ඇතුළු ගුරු මඩුල්ලේ කැපවීම අමාත්‍යාංශ ලේකම්වරයාගේ පැසසුමට ලක්විය. දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවලි න් විචිත්‍රවත් වුණු මෙම උපහාර උළෙල සඳහා ඇඹල රාජමහා විහාරාධිපති පුජ්‍ය ගල්ලෑල්ලේ සුමංගල ස්වාමීන් වහන්සේ , මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ, මහනුවර මහා නගර සභාවේ නියෝජ්‍ය කොමසාරිස් ප්‍රභාත් මද්දුමආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් සහ දෙමව්පියන් , ආදී සිසුන් සහභාගී විය.
වචනයට සීමා නොවූ මධ්‍යම ආණ්ඩුකාර පොරොන්දුව
මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ අතින් දඹුල්ල රත්මල්ගහඇල කණිෂ්ඨ විද්‍යාලයේ අලුත්වැඩියා කරන ලද පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරේ
පසුගිය සැප්තැම්බර් මස 6 දා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා දඹුල්ල රත්මල්ගහඇල කණිෂ්ඨ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වු අතර, එහිදී පාසලේ පවතින අවශ්‍යතා සම්බන්ධයෙන් අවධානය යොමු කළ ඒ මහතා පවතින ප්‍රතිපාදන යටතේ එම අවශ්‍යතා ලබාදීම සදහා කටයුතු කරන බව ප්‍රකාශ කර සිටි අතර, එය යථාර්තයක් කරමින් පොල්අතු ආවරණය කරන ලද තාවකාලිකව ඉදිකල පන්ති කාමරය වෙනුවට නව පාසල් ගොඩනැගිල්ලක් සහ භාවිතයට ගත නොහැකි මට්ටමේ පැවති විද්‍යාලයේ ගොඩනැගිල්ල අලුත්වැඩියා කර සිසු අයිතියට පත් කිරීම (23) සිදුවිය.
මාධ්‍ය මගින් අදාල පාසල සම්බන්ධයෙන් කළ අනාවරණය සම්බන්ධයෙන් ස්තූතිය පළ කළ පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී සදහන් කර සිටියේ, අභියෝගකාරී කාල පරිච්ජේදයක වූවත් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සදහා කළ හැකි උපරිමට සිදු කිරීමට තම කටයුතු කරන බවත්, වර්තමාන ජනාධිපතිවරයාගේ සහ රජයේ සැලසුම් අනුව ලබා ගත් අන්තර්ජාතික මූළ්‍ය අරමුදලේ සහාය ද ලබාගනිමින් ඉදිරියේදී පාසල් සදහා තව තවත් පහසුකම් ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවයි. නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ලබා රට හැර යෑම වෙනුවට තම රට වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතු ව පවතින බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, දඹූල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.වීරසුන්දර, විදුහල්පති බී.නන්දසේන ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් ද එක් ව සිටියේය
වර්ජන වලින් අහිමි වන දරුවන් ගේ අධ්‍යයන පැය ගණනේ හානිය මැනිය හැකි ද - පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ මහතා.
සිය වෘත්තීය අයිතීන් වලට මුවාවී ලෝකයාගේම වන්දනාවට , ගෞරවයට පාත්‍රවන ගුරු සේවයේ වගකීම සහ වගවීම අමතක නොකළ යුතු බවත්, පාසල් කාල සිමාවේ දී වර්ජනයන් හි නිරත වීමෙන් වන හානිය පාඩුව මැනිය හැකි වුවත් , දරුවන්ට අධ්‍යයන කටයුතු අහිමි කරවීමෙන් වන හානිය ගණනය කල නොහැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා ගලේවෙල දී පැවසිය.
පසුගියදා දිඹුල්ගස්කොටුව ප්‍රාථමික විද්‍යාලයේ එළිමහන් රංග පිඨයේ දී පැවති ශිෂ්‍යත්ව ප්‍රතිභා ප්‍රණාම උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් අදහස් දක්වමින්, පාසල් කාලය තුල නිසි ලෙස අධ්‍යාපනය ලබා දීම අත්‍යාවශ්‍ය බවත් , දීර්ඝ කාලයක් පුරා ඉතා ගෞරවාන්විත සේවාවක් වූ ජාතියට ,දේශයට අවශ්‍ය වියතුන් , උගතුන් ,නායකයන් මෙන් ම මානවවාදී , සංවේදී මිනිසුන් තැනීමේ මහා යුග මෙහෙවරක නිරත වූ ගුරු ප්‍රජාව සදා වන්දනීය බවත් පැවසිය.
නගරයේ ඉතා ජනප්‍රිය පාසලකත් , ඈත ගම්බද අඩු පහසුකම් සහිත පාසලකත් සේවයේ නිරත ගුරු ප්‍රජාව සමාන අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති පිරිසක් බවත්, ඔවුන් විධිමත් පුහුණුවකින් සහ අත්දැකීමෙන් පිරිපුන් බැවින් ගම නගරය ලෙස වෙනසකින් තොරව සමාන සේවාවක් ලබා දිය යුතු බව පෙන්වා දුන් ගමගේ ආණ්ඩුකාරවරයා , දරුවන් වෙත ඒවා බෙදා දීමේ ක්‍රමවේදයේ සහ ග්‍රාහනය කරවීමට යොදා ගන්නා භාවිතයන් හි විවීධත්වය අවසන් ප්‍රතිඵලයට ප්‍රබල ලෙස බලපෑමක් වන බවත් පෙන්වා දෙනු ලැබිය.
ගලේවෙල කලාපය ඉහල ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිඵලයක් සාධනය කර ගනු ලැබුව ද සාමන්‍ය සහ උසස් පෙළ අධ්‍යයනය ට වයඹ සහ උතුරුමැද පළාත් පාසල් කරා යොමු වීම පළාතේ අධ්‍යාපන ප්‍රතිඵල ප්‍රතිශතය ඉහල මට්ටමකට ගෙන ඒමට හේතුවන් කරුණක් බව පෙන්වාදුන් ආණ්ඩුකාරවරයා, ප්‍රාථමික අධ්‍යාපනයෙන් ද්විතියික සහ උසස් අධ්‍යාපනයට යොමු වන දරුවන් මෙම කලාපයේ ම රදවා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද අධ්‍යාපන බලධාරීන් වෙත දැන්විය.
ප්‍රණාම උළෙලට සමගාමිව පාසලේ විශේෂ ක්‍රියාකාරකම් ඒකකය පළාත් ආණ්ඩුකාරවරයා අතින් සිසු අයිතියට පැවරිනි. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් 100% සමත් ප්‍රතිපල වාර්තා කිරීමට සමත් වූ අතර එය ගල්වෙලා කලාපයේ සමස්ත හොදම ප්‍රතිඵලය ලෙස වාර්තා වේ. 1980 ජනවාරි 16 දින දරුවන් 45 දෙනෙකුගෙන් සහා ගුරුවරුන් 03 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම විදුහලේ අද වන විට සිසුන් 176 දෙනෙකු ශිල්ප හදාරන අතර ගුරුවරුන් 13 දෙනෙකු සේවයේ නිරත වේ.
පාසල් භුමිය පිහිටි ඉඩම නියමානුකුල කර දෙන ලෙස විදුහල්පති ඇතුළු පාසල් ප්‍රජාවගෙන් ලද ඉල්ලීමට ද ඉතා කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කරනු ලබන බවට ආණ්ඩුකාරවරයා පොරොන්දු විය.
මෙම ප්‍රතිභා ප්‍රණාම උළෙල දරුවන් ගේ ගායන හා නර්තන වලින් විචිත්‍රවත් වූ අතර . මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩි නිමලසිරි , පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යක්ෂ අමරසිරි පියදාස , කලාප අධ්‍යක්ෂ එම්.එස්. එම් වීරසුරිය යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සහ විදුහල්පති කුලතුංග අධිකාරි මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.
සම අධ්‍යාපනයක් ලැබීමට පළාතේ දරුවට ඇති අයිතිය තහවුරු කරනවා- පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ.
නිදහසෙන් වසර 75 ක් ගෙවී අවසන් වුවත් තවමත් අධ්‍යාපනය සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කොට ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමේ ආදීනව වර්තමාන දරුවන් ද අත්විදීමට සිදු වීම කනගාටුවට කරුණක් බවත් , කිනම් භාෂාවකින් සිය අධ්‍යාපනය ලැබුවා වුවත් ඒ සියලු දෙනාට සම අධ්‍යාපනයක් ලැබීමට ඇති අයිතිය තහවුරු කිරීම තම අපේක්ෂාව බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර පළාත් ආණ්ඩුකාර නිතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි .
ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් කැප්පිටිය මුස්ලිම් විද්‍යාලයේ දරුවන් ට පාසල් නිල ඇදුම් සහ පෙළපොත් බෙදා දීමේ අවස්ථාවට පසුගියදා එක් වෙමින් පළාත් ආණ්ඩුකාරවරයා , එම විද්‍යාලය ලබා ඇති භෞතික දියුණුව සම්බන්ධයෙන් සිය සතුට පල කල අතර ඊට සමගාමිව දරුවන් ගේ සාරධර්ම සහ යහපත් හැසිරීම ගුණාත්මක මට්ටමෙන් පවත්වා ගෙන සමාජයට බරක් නොවන දේශයට ,දෙමව්පියන් ගුරුවරුන් හා වැඩිහිටියන්ට ගරු කරන යහපත් පුරවැසියෙක් විය යුතු බව පැවසිය.
නායකත්වයේ සුවිශේෂී කැපවීම විදුහලේ දියුණුව තුලින් මැනවින් පිලිඹිබු වන බවත් ,ප්‍රාග්ධන වත්කම් මිලදී ගැනීමට නොහැකි මෙවන් අවස්ථාවක වුව ද පවතින සම්පත් වලින් කැප්පිටිය විදුහලේ දරුවන් ට අවශ්‍ය නුතන තාක්ෂණ දැනුම ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීම ට කටයුතු කරන ලෙස පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු කල ගමගේ ආණ්ඩුකාරවරයා ආගම , සමාජය සහ සංස්කෘතිය වැනි අගනාකම් මෙන්ම පරිසරය , ගහකොළ ,වටපිටාව වැනි වටිනාකම් පිලිබදව දරුවන්ට කියා දීම හා ඒවා සංවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බවත් අවධාරණය කළේය.
නව අධ්‍යයන වර්ෂය සදහා පෙළපොත් සහ නිල ඇදුම් බෙදා දීමෙන් අනතුරුව පාසල වෙනුවෙන් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය නිව්සිටි ව්‍යාපාර අධිපති ජුනයිඩ් ඉර්ෆානා මහතා ගේ මුල්‍ය ධන පරිත්‍යාගයෙන් ඉදි කොට සිසු අයිතියට පවරා දුන් දෙමහල් ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමට එක්වූ ආණ්ඩුකාරවරයා , එවන් ආදී ශිෂ්‍යයන්ගේ දායකත්වය ඉතා ඉහලින් අගය කළේය.
1995.08 10 දින ආරම්භ කළ මෙම විද්‍යාලයේ අද වන විට දරුවන් 518 දෙනෙකු 01 සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු සපුරා ගන්නා අතර අවසන් අධ්‍යයන වර්ෂයේ දී සාමාන්‍ය ප්‍රතිඵල 80 % ක සහ උසස් පෙළ 100% ක ඉහල ප්‍රතිශතයක් වාර්තා කිරීමට සමත් විය.
උත්සවයට ප්‍රධාන ආරාධිතයා සහභාගී වීම වෙනුවෙන් එම විදුහලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඒ.එස් අර් ෆින් ශිෂ්‍යයාව පැන්සලෙන් සිතුවම් කල එතුමාගේ සේයාරුව තිලිනයක් ලෙස පිළිගන්වනු ලැබිය.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. එස්.එම් වීරසුන්දර , මුස්ලිම් අධ්‍යාපන භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ජි. හැරිස් යන ,මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් සහභාගී විය.
නරේන්ද්‍රසිංහ ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්ත ක්‍රීඩා උළෙල.
අද දරුවන්හට ලබාදෙන ක්ෂණික ආහාර රටාව නිසා දරුවන් රෝගාබාධවලට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩි වෙලා . පෝෂණය අතින් දුර්වල වූ පරපුරක් බවට අපේ දරුවන් පත් කිරීමේ ක්‍රමවේදය නැවැත්විය යුතු බවත්,මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා පවුල , පාසල හා ඒකාබද්ධ වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක යුතු බවත් පැවසීය. අතීතයේ ශ්‍රී ලාංකිකයන් තුල පැවති ශක්තිය නැවත ඇති කිරීමටනම් දේශීය ආහාර රටාවට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත්,දරුවා පරිසරය සමග ජීවත්වීමට ආභාෂයක් ලබාදීම කාලීන අවශ්‍ය බව ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.
ඒ මහතා මෙලෙස පැවසූයේ පසුගියදා(22) වත්තේගම අධ්‍යාපන කලාපයේ නරේන්ද්‍රසිංහ ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
මයුර, කෝකිල හා තිසර යන නිවාසයන් වලට බෙදී දරුවන් ක්‍රීඩා කරන ලද අතර, විචිත්‍ර වත් අංග රැසකින් ක්‍රීඩා උළෙල වර්ණවත් විය.
මෙම වැඩසටහන සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න, පාසලේ විදුහල්පති සී.පී ගොඩැල්ලවත්ත යන මහත්ම මහත්මීන් , අවට පාසල්වල්. විදුහල්පතිවරුන් ඇතුලූ පිරිසක් ද එක් ව සිටියහ.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
