මධ්‍යම පළාතේන් නිදහස් මාවත නමින් නව ප්‍රවර්ධන ව්‍යාපෘතියක්.
සංචාරක සංවර්ධනය, පුද්ගල ශාරීරික සුවතාවය උදෙසා පාපැදි භාවිතය ප්‍රචලිත කිරීම හා ව්‍යාවසායක සංවර්ධනය ඉලක්කව නිදහස් මාවත නමින් නව වැඩසටහනක් මහනුවර ගන්නොරුව මාර්ගයේ දියත් කෙරේ.
පේරාදෙණිය ගන්නොරුව මාර්ගයේ දංගොල්ල මංසන්ධියේ සිට ගොරකාදෙනිය මංසන්ධිය දක්වා වූ මාර්ග කොටස නිදහස් ක්‍රියාකාරකම් වලින් සහ වෙළද අවස්ථා සදහා වෙන් කර දෙමින් විවිධ ක්‍රියාකාරකම් එම පරිශ්‍රය තුල සංවිධානය කොට ක්‍රියාවට නැංවේ. සංචාරක, ක්‍රීඩා, කර්මාන්ත , කෘෂිකර්ම , ඇතුළු ක්ෂේත්‍ර ගනනාවක් මෙම ව්‍යාපෘතිය සදහා විවිධ අංග සදහා සහභාගී කර ගැනේ.
75 වන නිදහස් සැමරුමට සමගාමී ව නිදහස් දින පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පළමු වැඩසටහන පේරාදෙණිය උද්භිත උද්‍යානය අසලින් නිදහස් පාපැදි ධාවනයක යෙදෙමින් වැඩසටහන ට මුල පිරීය.
උද්භිත උද්‍යානය වටා පාපැදියෙන් ගමන් කොට නිදහස් මාවත ව්‍යාපෘතිය ක්‍රියාත්මක පරිශ්‍රයට පැමිණි දෙස් විදෙස් සංචාරක කණ්ඩායම ව්‍යාපෘතියේ විවිධ ක්‍රියාකාරකම් වට සහභාගී විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තු වේ කෘෂිකර්ම උද්‍යානය, ගොවිපොළ, කෞතුකාගාරය ආදිය නැරඹිමටත් ,සිතුවම් කරණය , විදි නාට්‍ය ,ශාරීරික ව්‍යායාම , කණ්ඩායම් පාපැදි ක්‍රියාකාරකම් ඇතුළු අවස්ථා රැසකින් සමන්විතවූ නිදහස් මාවත ව්‍යාපෘතිය ආණ්ඩුකාරවර ගමගේ මහතාගේ සංකල්පනාවකි.
නුවරට ආවේනික ආහාර ක්‍රමවේදයන් ,ආවේනික පලතුරු සහ අල වර්ග ඇතුළු ආහාරපාන සංචාරකයන් වෙත ආකර්ෂණයක් ඇතිකරවන අයුරින් ප්‍රචලිත කරවීම ද මෙම ව්‍යාපෘතියෙන් අපේක්ෂිත තවත් ඉලක්කයකි.
පළාත් කර්මාන්ත අමාත්‍යාංශය මෙහෙයවීමෙන් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කල නිදහස් මාවත වැඩසටහන සදහා පළාත් සංචාරක , ක්‍රීඩා , සංස්කෘතික, කෘෂිකර්ම ආදී දෙපාර්තමේන්තු සහාය දැක්විය. ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව හදබිම අධිකාරිය, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , මහනුවර නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන සහ Biye -B සංවිධානය ,මහනුවර පාපැදි සංගමය, පේරාදෙණිය ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පාර්ශව රාශියක් එක්ව සිටියේය.
ආරම්භක අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්. පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ , කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක යන මහත්ම මහත්මීන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානින් සහ නිලධාරින් ද එක්විය.
'නිදහසට අරුතක්' දේශාභිමානී ගීත ප්‍රසංගය
75 වන ජාතික නිදහස් දින සැමරුම නිමිති කොට ගෙන මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකය , පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා සංකීර්ණයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ හා පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වය හා සහය සහිත ව සංවිධානය කළ 'නිදහසට අරුතක්' දේශාභිමානී ගීත ප්‍රසංගය පසුගියදා පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .
මේ සඳහා පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුදල්), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරුසේවා), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්),පළාත් පාලන දෙපාර්තමේන්තුව, පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව , සභා ලේකම් කාර්යාලය හා පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ගායක කණ්ඩායම් ඉදිරිපත් වූහ.
ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේ රාජ්‍ය නිලධාරීන්ගේ කලා කුසලතා ඔප් නංවන මෙබඳු වැඩසටහනක් ජාතික නිදහස තේමා කොට ගෙන නිර්මාණය කිරීම අතිශය වැදගත් බව යි.
පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ද අදහස් දැක්වී ය.
ජාතික නිදහස සැමරීමේ අතීත හා වර්තමාන වැදගත්කම පිළිබඳ සාරගර්භ දේශනයක් පවත්වමින් වැඩසටහන අර්ථවත් කරන්නට එක් වූයේ සබරගමුව නියෝජ්‍ය පුරා විද්‍යා කොමසාරිස් විරාජ් බාලසූරිය මහතා යි.
ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ද,පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු ද ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හා පළාත් සභා කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීහු මේ විචිත්‍ර හා උද්‍යෝගිමත් අවස්ථාවට සපැමිණ සිටියහ.
මධ්‍යම පළාත් ආයුර්වේයේ පංච කර් ම ඒකකය රෝගී සත්කාරයට.
75 වන නිදහස් සැමරුමට සමගාමී ව නවීකරණය කරන ලද ආයුර්වේද පංච කර් ම ඒකකය පසුගියදා පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සුරතින් රෝගී සත්කාරයට පවරනු ලැබිය.
පළාත් ආයුර්වේද රෝහලට අඩුපාඩුවක් ව පැවති පංච කර්මැ ඒකකය රෝහලේ වාට්ටු අංක 01 හා 02 යන කොටස් භාවිතයට ගනිමින් පිරිමි හා කාන්තා වශයෙන් ඛාණ්ඩ දෙකක් ලෙස ප්‍රතිකාර ලබා දීමට පහසුකම් සහිත වේ.
දිනපතා බාහිර රෝගී සායන සදහා දහසකට ආසන්න පිරිසක් සහ නේවාසිකව රෝගීන් 250 කට වැඩි පිරිසක් ද පල්ලේකැලේ පළාත් ආයුර්වේද රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනේ. මෙහිදී ඉතා ප්‍රමිතියෙන් යුතු ආයුර්වේද ඖෂධ නොමිලේ ලබා දීමටත් , අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් ලබා ගැනීමටත් හැකියාව ලැබේ. මධ්‍යම පළාතේ පමණක් නොව පර්යන්ත හා දිවයිනේ විවිධ පළාත් වලින් මෙම රෝහලේ ප්‍රතිකාර සදහා රෝගීන් පැමිණේ.
මධ්‍යම පළාතේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට ඔසු උයනක්.
දෛනිකව පළාත් ආයුර්වේද රෝහලේ රෝගීන් සදහා අවශ්‍ය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය රෝහල් පරිශ්‍රයේම වගා කොට සපයා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කෙරේ. 75 වන නිදහස් සැමරුමට සමගාමී ව නිදහස් දින පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පළමු ඖෂධ පැළ ය රෝපණය කරමින් ඔසු උයන ස්ථාපිත කිරීමේ කටයුතු මුල පිරීය.
පළාත් ආයුර්වේද රෝහලට අයත් භුමිය භාවිතයට ගනිමින් අංකෙන්ද , මදටිය ,නික ඇතුළු වගා කල හැකි සියලු ඖෂධ වර්ග මෙහි රෝපණය කරනු ලබන එමගින් පළාතේ ආයුර්වේද නිෂ්පාදනාගාරයට අවශ්‍ය ප්‍රමිතිගත ඖෂධ අමුද්‍රව්‍ය සපයා ගැනීම තුලින් අමුද්‍රව්‍ය සදහා මාසිකව වැය වන රුපියල් මිලියනයක පමණ මුදලක් ඉතිරි කරගැනීම ඉලක්කය වේ.
පලාතට අවශ්‍ය සියලුම ආයුර්වේද ඖෂධ පළාත් නිෂ්පාදනාගාරයේම නිපදවේ.
ඔසු උයනේ පැල රෝපිත අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්. පළාත් සෞඛ්‍ය ලේකම් සුජාතා විජේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සේවා ආවරණය කෙරෙන ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය එච්.එම්. යු. බි හේරත් මහතා ඇතුළු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද එක්විය.
නිදහස් දින පළාත් උළෙල ඵලදායි රුක් රෝපණය මුල් තැන දෙමින් අභිමානවත් ලෙස සැමරේ.
75 වැනි නිදහස් දින ජාතික උත්සවයට සමගාමීව පවත්වනු ලබන මධ්‍යම පළාත් උත්සවය චාම් ලෙසත් ගෞරවනීය ලෙසත් මිහිතලයට ඇවැසි හරිත තුරු දායාද කරමින් පල්ලේකැලේ ශ්‍රීලංකා යුධ හමුදා රයිෆල් බලකා පරිශ්‍රයේ දී ඉතා අභිමානවත් ලෙස අද පෙරවරුවේ පැවැත්විය .මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම නිදහස් උළෙල මධ්‍යම පළාත් සභාව , මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ශ්‍රීලංකා යුධ හමුදාව එක්ව සංවිධානය කරනු ලැබිය .
එහිදී සභාව ඇමතු පළාත් ආණ්ඩුකාරවරයා සිය නිදහස් දින පණිවුඩය සභාවට ඉදිරිපත් කරනු ලැබිය.
“ ජාතියේ උස් නිදහස වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් සිය ඇස් , ඉස්, මස්, ලේ දන් දෙමින් නිදහස් දේශය සුරකින ලද්දාවූ අභීත , නිර්භීත, අධිෂ්ඨානශීලී, උපක්‍රමශීලී, ජාතික වීරයන් සහ රණ විරුවන් අගය කරන දවස අදයි.
මහත් අසීරුවෙන් බ්‍රිතාන්‍ය කිරිටයෙන් මිදි එදා ලබා ගත්තාවූ ඩොමීනියන් නිදහසත් ඉන් අත්පත් කරගත් ජයග්‍රහණත් සමරන දවස අදයි.
1505 සිට පෘතුගීසීන්ගෙන්, ලන්දේසීන්ගෙන්, ඉංග්‍රීසින්ගෙන් බැට කමින් දේශජ චින්තනයෙන් බැහැරව, බටහිර චින්තනය උසස් ලෙස දකින්නට කරන්නාවූ අනේක විද බලපෑම් වලින් මිදීමට ලද අවස්ථාව සිහි කරණ දවස අදයි.
මහා වැව්, මහා වාපි, මහා වාරිමාර්ග නිර්මාණය කරමින් තාක්ෂණය පිළිබඳ ලෝකයාගේ පුදුමයක් ලෙස අදටත් සැලකෙන සීගිරිය වැනි මහා දේශීය ඉංජිනේරු තාක්ෂණයන් හා දැනුම පිළිබඳව නැවත නිදහසේ හිතන්නටත් නිර්මාණ කරන්නටත් වරම් ලැබූ දවස සමරන්නේ අදයි.
යටත් විජිත පාලනයෙන් මිදී, නොරටුන් ගේ න්‍යාය පත්‍රයක් තුළ නොව තම රටේ අනාගතය ගැන සිතන්නට රටේ මිනිසුන් වෙත අවස්ථාව ලැබූ මොහොත සිහිකරන දවසයි.
මේ අද අප සිහි කරනුයේ මින් 75 වසරකට පෙර එක්දහස් නමසිය හතලිස් අටෙ පෙබරවාරි හතරවැනි දිනයයි. හිරු නොනගින අධිරාජ්‍යයාගේ පාලනයෙන් ලංකාවට නිදහස ලැබූ දිනයයි.
එදා සිට අද දක්වා ගෙවීගිය 75 වසරක කාලය සුමට සුමධුර එකක් නොවන වගත් එය දශක තුනක ත්‍රස්තවාදයේ කටු කොහුලින් පිරුණු එකක් බව නොරහසකි.
ජාති ආගම් වැනි නොයෙකුත් බෙදීම් වලින් එකිනෙකා අවිශ්වාසයෙන් ගත කළ සංවර්ධනයට එක්ව යානොහැකි වූ ගිරි දුර්ඝයන්ගෙන් යුක්ත වූවකි.
ගෙවී ගියේ ලැබූ අවස්ථාවන් නිවැරදි ලෙස කළමනාකරණය කිරීමෙන් තොරව අපතේ ගියා වූ සඵල නොවූ අපල කාලයකි.
අතීත ශ්‍රී විභූතියෙන් මන්මත්වු ජාතියක් ලෙස එදා ධනයෙන් ධාන්‍යයෙන් ආඪ්‍ය වූ ජාතියක් සාහිත්‍ය කලාවෙන් ලෝකය එකලු කළ ජාතියක් අද සිටින තැන ගැන ආඩම්බර විය නොහැකි බව ඔබත් මමත් අත් විදිනකටුක සත්‍යයක්.
නිදහසින් 75 වසරකට පසු අප අද අප පසු කරමින් සිටින්නේ අභියෝග විවිධාකාර ලෙසින් මතු වී අනෙක විද ලෙසින් ලාංකික ඔබ අප පෙළමින් තිබෙන මොහොතක්. අප හමුවේ ඉදිරිපත් වි ඇති අභියෝග ජයගත යුතුම, ජය නොගත හොත් නැවත වරක් රටක් ලෙස නැගී සිටීමට අවස්ථාවක් නොලැබෙන අති සංකීර්ණ ආර්ථික , සමාජ හා දේශපාලන මෙන්ම පාරිසරික ගැටලුවක්.
අපෙන් පසුව මේ රටේ හිමි කරුවන් වෙත මේ රට නැවත භාරදීමේ වගකීම අප සතුව තිබෙනවා. රටට ලෝකයට පලක් නොමැති නිකමුන් ලෙස නොව උසස්, උදාර , නිවහල් ජාතියක් ලෙස, ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එක්ව නැගී සිටීමට අවැසි කාලය උදාවී ඇත. “ පැවසිය
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගමගේ ආණ්ඩුකාරවරයා “ ජාතියට , මවු බිමට , අපට උරුමවූ අපේ අනන්‍ය සංස්කෘතියට ගරු කරන්නට, එය රැක ගන්නට වත්මනේ අප සැමට වගකීමක් ඇති අතර අනෙකුන්ගේ සහාය දෙස බලා නිවටව, නියාලුව නිකමුන් ලෙස නොව අපේ වගකීම ඉටු කරන්නට අපි 75වන නිදහස් දිනයේදී ඉටා ගතයුතු බවත් , ජාති, ආගම්, කුල මල දේශපාලන භේදයකින් තොරව එකට එක්වන ලෙසටත් සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න සහ දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ද නිදහස් උළෙල ඇමතිය .
අනතුරුව අක්කර 11 ක භුමි භාගයක් පුරා පොල් පැල 660 ක්, අනෝදා පැල 1000 ක් ඇතුළුව 2000 කට වැඩි පැල සංඛ්‍යාවක් රෝපණය කරනු ලැබිය . ඒ පැල අතර කුඹුක් 160 ක්, මී 100 , රකෝන් 40 , දූරියන් 05 , අඹ 10 පිණි ජම්බු 05, නෙල්ලි 08, දොඩම් 13 , කාමරංගා 05 ,රඹුටන් 09 ,බෙලි 08 , කරවල කැබිල්ල05 , උගුරැස්ස 14 , අලිපේර 09 , සහ සැපතිල්ලා 10 ක් ද විය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව , වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන මගින් මෙම පැල සපයනු ලැබිය.
ශ්‍රී ලංකා 11 වන පාබල සේනාවේ සේනාංකාධිපති මේජර් ජනරාල් රෝහිත අලුවිහාරේ මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානින් ,ඉන්දියානු සහකාර කොමසාරිස් වෛද්‍ය අතිරා මහත්මිය ඇතුළු ආරාධිත පිරිසක් සහ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ දරුවන් හා යුධ හමුදා නිලධාරින් මෙම අවස්ථාවට එක්විය.
- වික්ටෝරියා ජලාශයේ වේල්ල මත පැවැත්වුණු පරිත්‍රාංග ධර්ම දේශනයට සහභාගී වූ මහා සංඝරත්නය වෙත උදෑසන හීල් දානය පිරිනැමීම
- 75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධානය කළ ආගමික වැඩසටහන් පෙළක්.
- ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 159 වැනි නිකාය දින මහා උත්සවය ගෙලිඔය, තෙළඹුගල නිග්‍රෝධඛෙත්ත පිරිවෙන් විහාරස්ථානයේදී.
- ඉන්දිය ජනරජ දිනය.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
