රැකියා නියුක්තිකයින්ගේ pastry & bakery පාඨමාලාවක්.

රැකියා නියුක්තිකයින්ගේ pastry & bakery පාඨමාලාවක්. වර්තමාන ශ්‍රී ලංකාව තුළ කාලීනව දේශීය හා විදේශීය රැකියා සඳහා විශාල ඉල්ලුමක් පවතින අංශයක් ලෙස හෝටල් ක්ෂේත්‍රය හඳුනාගෙන ඇත. මධ්‍යම පළාත් රැකියා නියුක්තිකයින්ගේ අනාගත වැඩි දියුණුව වෙනුවෙන් මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය (REDA ) මගින් ක්‍රියාත්මක මාතලේ හෝටල් හා සංචාරක පාසල මගින් පාඨමාලා රාශියක් ක්‍රියාත්මක කරයි. එහි තවත් එක් වැඩසටහනක් ලෙස pastry & bakery පාඨමාලාවේ 03 වන කණ්ඩායම ලෙස රැකියා නියුක්තිකයින් 18 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් තෝරා ගෙන ඒ වෙනුවෙන් සංවිධානය වූ නව පන්ති ආරම්භය පසුගියදා (11) මාතලේ හෝටල් පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී. කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ජානක සකලසූරිය මහතාගේ සහ අධ්‍යක්ෂ මේනක හේරත් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන අතර එහි කාර්ය මණ්ඩලයේ ද දායකත්වය මත පාඨමාලාවන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ.

CAT 2020 තොරතුරු තාක්ෂණික පද්ධතිය පිළිබඳව දැනුවත් කිරීමක්.

CAT 2020 තොරතුරු තාක්ෂණික පද්ධතිය පිළිබඳව දැනුවත් කිරීමක්. පළාත් පාලන ආයතන මඟින් මහජනතාව වෙත ලබාදෙන සේවා පහසුකිරීම, කාර්යක්ෂම කිරීම සහ ආදායම් කඩිනමින් එක්රැස් කර ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා CAT 2020 තොරතුරු තාක්ෂණික පද්ධතිය පිළිබඳව, මධ්‍යම පළාතේ, පළාත් පාලන ආයතනවල සභාපතිවරු, ලේකම්වරු හා විෂය භාර නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැත්විනි. පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ මඟ පෙන්වීම මත පැවැත්වූ මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය වයඹ සංවර් ධන අධිකාරිය මඟින් ලබාදෙන ලදී.

විභාග ප්‍රතිපල සංවර්ධනය සදහා වූ අධ්‍යාපන මනෝවිද්‍යා වැඩසටහනක් වත්තේගමින් .

විභාග ප්‍රතිපල සංවර්ධනය සදහා වූ අධ්‍යාපන මනෝවිද්‍යා වැඩසටහනක් වත්තේගමින් . විභාග ප්‍රතිපල සංවර්ධනය සදහා වූ අධ්‍යාපන මනෝවිද්‍යා වැඩසටහනක් වත්තේගම අධ්‍යාපන කලාපය තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ. එම වැඩසටහනට සමගාමිව වත්තේගම අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2024 ) විභාගය මුහුණ දෙන දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද අධ්‍යාපන මනෝවිද්‍යා වැඩසටහනක් වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (13 ) මඩවල මදිනා ජාතික පාසල් ශ්‍රවනාගාරයේදී පැවැත්විණ. කලාපයේ පාසල් නියෝජනය කරමින් උ/පෙළ දරුවන් 250 දෙනෙකු පමණ සහභාගී වූ මෙම වැඩසටහනේ සමපත්දායකත්වය කථිකාචාර්ය අසංක ජයරත්න මහතා විසින් ලබාදෙන ලද අතර , වැඩසටහන සදහා අනුග්‍රහය ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය මගින් ලබාදෙන ලදී. මෙම වැඩසටහන සදහා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ(සංවර්ධන)මනෝජ් සෙනෙවිරත්න , සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් වීරසිංහ , සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ.වී.චාන්දනී යන මහත්ම මහත්මීන් ද සහභාගී විය.

දැනුවත්ව දිනවමු දරුවන් -දෙමාපිය ආමන්ත්‍රණය .

දැනුවත්ව දිනවමු දරුවන් -දෙමාපිය ආමන්ත්‍රණය . මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ ලිලිත් යු ගමගේ මහතාගේ සංකල්පයකට අනුව මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් දැනුවත්ව දිනවමු දරුවන් මැයෙන් මධ්‍යම පළාත් පාසැල්පාදක දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනන් මාලාවක් ක්‍රියාත්මක කෙරේ.මෙහි පළමු වැඩසටහන මහ/ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේදී හා දෙවන වැඩසටහන මහ/ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේදී මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ ලිලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ( 12 දින ) පැවැත්විණ. මෙම වැඩසටහන ජ්‍යෙෂ්ඨ මාධ්‍යයවේදී නීතීවේදී ගාමිණි වීජේබංඩාර මහතාගෙන් සම්පත් දායකත්වයෙන් පැවැත්විණ. මෙම අවස්තාවන් සදහා ප්‍රධාන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාථමික) මහනුවර කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රථමික), එම පාසැල්වල විදුහල්පතිවරුන් ගුරුවරුන් හා දෙමාපියන ඇතුළු පිරිසක් සහභාගීවුහ.

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය පසුගියදා (11) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදී පැවැත් විය. මැද රට දිරිය දරුවන් ඇගයීම වෙනුවෙන් සංවිධානය වූ මෙම වර්ණ ප්‍රධානෝත්සවයේදී 2022 වර්ෂයේ කොළඹ සුගතදාස ක්‍රිඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද 36 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දක්වූ මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග ජයග්‍රහණ ලබාගත් මැදරට දිරිය දරුවන්හට තිළිණ ප්‍රදානය කිරීම මෙහිදී සිදුකරන ලද අතර ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට අමතරව ඔවුන්ගේ පුහුණුකරුවන්, කණ්ඩායම් භාර ගුරු භවතුන්, විදුහල්පති වරුන්, කලාප අධ්‍යාපන ක්‍රිඩා අධ්‍යක්ෂවරුන් , ගුරු උපදේශකයින් හා සම්පත්දායකයින් ඇතුළු 1200 දෙනෙකු මෙහිදී ඇගයීමට හා සම්මානයට ලක් කෙරින. මෙම උත්සවයට සමගාමිව මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා අරමුදලක් පිහිටුවීමට ද පියවරගෙන පැවති අතර, පළාතේ ක්‍රීඩාව නගාසිටුවීම වෙනුවෙන් සිදුකළ විශිෂ්ඨ සේවාව අගයමින් විශිෂ්ඨ පුහුණුකරුවන් සිව් දෙනෙකු විශේෂ සම්මානයෙන් පිදුම් ලැබිය. ඒ අනුව සුසන්ත ප්‍රනාන්දු (මලල ක්‍රීඩා ), සංජිව වීරක්කොඩි (මලල ක්‍රීඩා ), අනුර බණ්ඩාර (මලල ක්‍රීඩා ) , සුසන්ත වීරසිංහ (බොක්සිං) යන පුහුණුකරුවන් විශේෂ සම්මානයෙන් පිදුම් ලබිය. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම වර්ණ ප්‍රධානය කිරීමේ උත්සවය සදහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ජී.අමරසිරි පියදාස , සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රීඩා) අතුල ජයවර්ධන යන මහත්වරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , විදුහල්පතිවරුන් ,ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook