මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ විවාදාත්මක සාකච්ඡාවක්.
මත් ද්‍රව්‍ය භාවිතයෙන් තරුණ හා ශිෂ්‍ය පරපුර මුදවා ගැනීමේ වගකීම වැඩිහිටි සියලු දෙනා වෙත පැවරෙන බවත්, එහිදී ඒ ඒ පාර්ශව තමනට අදාළ ප්‍රවේශවීම් ඔස්සේ ඊට එක් විය යුතු බවත්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි. එසේම මෙහිදී මාධ්‍ය , අධ්‍යාපන හා සෞඛ්‍ය අංශ වෙත පැවරෙන වගකීම තීරණාත්මක වන බවත් බවද ඔහු කියා සිටී. විවෘත වේදිකාවක් මත මෙකරුණ සම්බන්ධයෙන් තවදුරටත් සංවාද කලයුතු බවත්, නිවැරදි පිළිවෙත් හඳුනා ගත හැක්කේ එමඟින් බවත් වැඩිදුරටත් ඔහු කියා සිටියේ ය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා මේ අදහස් පළ කළේ ‘මත්ද්‍රව්‍ය භාවිතය, සන්නිවේදනය හා වත්මන් අභියෝග’ මැයෙන් ඊයේ (28) මහනුවර ඊ.එල්.සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැති සාකච්ඡාමය වැඩසටහනක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මධ්‍යම පළාත් සභාව හා පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට මහනුවර ප්‍රදේශයේ මුද්‍රිත, විද්‍යුත් හා සමාජ මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් විශාල පිරිසක් ද, විදුහල්පතිවරුන් හා උපදේශන විෂය භාර ගුරුභවතුන් පිරිසක් ද එක්ව සිටියහ.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හා ‘හෙල්දි ලංකා’ ආයතනයේ ප්‍රධානීන් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්තමාන සැබෑ තත්ත්වය හා එය මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමේදී පැන නඟින ගැටලු පිළිබඳ කරුණු ඉදිරිපත් කළහ. පාසල් ශිෂ්‍යයන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීමේ දී මතුවන දුෂ්කරතා සමබන්ධයෙන් විදුහල්පතිවරුන් හා උපදේශනය විෂය භාර ගුරු භවතුන් ද, මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ජනගත කිරීමේදී අනුගමනය කරන හා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍යවේදීහු ද අදහස් දැක්වූහ.
පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක හා මහනුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ද සාකච්ඡාවට අදහස් දක්වමින් සහභාගී වූහ.
පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුජාතා විජේසිංහ මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට පැමිණ සිටියහ.
කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවට අයත් පිලවල මහජන පුස්තකාලය මගින් සංවිධානය කරන ලද ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත් විය. මෙහි සම්පත්දයකත්වය ආයූර්වේද ප්‍රජා වෙෙද්‍ය නිලධාරී තුමිය විසින් ලබාදෙන ලදී.
පළාතේ සාහිත්‍ය නිර්මාණකරුවන් ඇගැයේ.
මහත් සේ ආඩම්බර විය හැකි දියුණු සංස්කෘතියක් අප සතුව ඇති බවත්, බුදු දහමෙන් එය පෝෂණය වූ බවත්, අපට ම ආවේණික අනන්‍යතාවක් ගොඩ නංවා ගැනීමට හැකි වූයේ එහෙයින් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා පවස යි.
මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදුව ඊයේ (28) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති 2022 සාහිත්‍ය නිර්මාණකරුවන් ඇගැයීමේ හා සාහිත්‍ය තරග ජයග්‍රාහක ජයග්‍රාහිකාවක් වෙත ත්‍යාග හා සහතික පත් පිරිනැමීමේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
සාහිත්‍ය තරග නවකතා අත් පිටපත්,කෙටිකතා, පද්‍ය රචනා., රසවින්දනාත්මක ලේඛන ඇතුළු අංශ ගණනාවක් යටතේ පවත්වන ලද්දේ පාසල්, දහම් පාසල්, විවෘත හා රාජ්‍ය යන පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙනි.
පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ , මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්, පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දුල්වල, පළාත් පේෂකර්මාන්ත අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
නව පළාත් ආණ්ඩුකාර ලේකම් ධුරයට මංජුලා මඩහපොල මහත්මිය පත්කෙරේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරිනියක වන මංජුලා මඩහපොල මහත්මිය පත් කෙරේ. ඇය මේ වනවිට මධ්‍යම පළාත් සභා නියෝජ්‍ය ලේකම් (පාලන) ධුරයේ කටයුතු කරයි.
වර්ෂ 1998 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ මඩහපොල මහත්මිය මාතලේ දිස්ත්‍රික් සහකාර සමෘද්ධි කොමසාරිස්, මිහින්තලේ සහකාර ප්‍රාදේශීය ලේකම් හා පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් ලෙස ද කටයුතු කොට ඇත.
මඩහපොල මහත්මිය මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ලේකම් ධුරයට පත් කළ පළමු කාන්තාව ද වෙයි.
මධ්‍යම පළාතේ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනයට පළාත් නිවාස දෙපාර්තමේන්තුවෙන් අත්වැලක්.
මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟ ඒකාබද්ධව 2005 වර්ෂයේ සිට “සහන් පියස” නිවාස ණය වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම නිවාස ණය වැඩසටහන ප්‍රජාව අතර වඩාත් ප්‍රචලිත කිරීමේ මූලික අරමුණින් හා වඩාත් සඵලදායී ලෙස ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවෙන් මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය බැංකුව සමඟ එක්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජංගම ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
එහි මුලීක පියවරක් වශයෙන් 2022.11.21 දින මහා මාර්ග අමාත්‍යාශ ලේකම්තුමිය,පළාත් නිවාස කොමසාරිස්තුමිය,ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ සහකාර දිස්ත්‍රික් කලමානාකරු ඇතුළු නිවාස දෙපාර්තමේන්තුවේ නිලධාරින් එක්ව සහන් පියස නිවාස ණය ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වන ලදි.
මේ වන විට මධ්‍යම පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 36 ම ආවරණය වන පරිදි වැඩසටහන් සාර්ථකව පවත්වා ඇති අතර ඒ තුළින් ප්‍රතිලාභින් 1350 පමණ දැනුවත් කිරීමට හැකියාව ලැබුණි.මෙම ප්‍රවර්ධන වැඩසටහන් සාර්ථක කර ගැනීමට නිවාස දෙපාර්තමේන්තුවේ කොට්ඨාශ භාර නිලධාරින්,ප්‍රාදේශිය සංවර්ධන බැංකුවල කාර්ය මණ්ඩලය,ප්‍රාදේශිය ලේකම්වරුන් සහ කාර්ය මණ්ඩලය විශාල සහයෝගයක් ලබාදෙන ලදි.
මෙම නිවාස ණය වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ ස්ථීර පදිංචි සමෘද්ධිලාභීන්ට /අඩු ආදායම්ලාභීන්ට 8% ක වාර්ෂික පොළිය මත, හීනවන ශේෂ ක්‍රමය යටතේ මෙම ණය මුදල ලබා ගැනීමට හැකියාව පවතී මෙම නිවාස ණය වැඩසටහන යටතේ මීට පෙර ලබාදෙන ලද උපරිම ණය මුදල රු.100,000/= කි. වර්තමානයේ එම මුදල ණය ඉල්ලුම්කරුගේ නිවාස අවශ්‍යතාවය අනුව රු.50,000/- සිට 200,000/- දක්වා අතර මුදලක් ලබා ගැනීමේ හැකියාව පවතී.
මෙහිදි ප්‍රාදේශිය සංවර්ධන බැංකුව ඒකාබද්ධව මෙම සහන් පියස ණය මුදල ප්‍රතිලාභියාට විධිමත්ව ලබාදීමට කටයුතු කරනු ඇත. මෙමගින් අඩු ආදායම්ලාභි පවුල් තම නිවස ඉදිකර ගැනිමට යොමු විම හා අඩක් නිම කළ නිවාස ඉදිකිරීම අවසන් කිරිමට පෙළඹි ඇත.
මෙලෙස ඉතා අඩු පොළී අනුපාතයකට මෙවැනි ව්‍යාපෘතියක් මධ්‍යම පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 36 පුරා ක්‍රියාත්මක කරන එකම දෙපාර්තමේන්තුව වශයෙන් මධ්‍යම පළාත් නිවාස දෙපාර්තමේන්තුව දැක්විය හැකිය.නිවසක් ඉදිකර ගැනිමට /සංවර්ධනය කර ගැනිමට පසු වන ප්‍රජාවට දැනට පවතින බැංකු වල පවතිව පොළි අනුපාතයට සාපේක්ෂව ඉතා අවම පොළියක් යටතේ මෙම නිවාස ණය ලබා ගත හැකිය.
“සහන් පියස” නිවාස ණය වැඩසටහන තුළින් නිවාස හිමිකමට උරුමකම් කියන අභිමානවත් සමාජයක් බිහිකරලීම සඳහා නිවාස කොමසාරිස්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය නිතැතින්ම ක්‍රියාත්මක වේ.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
