මධ්‍යම පළාතේ සමාජ ආර්ථික සංවර්ධන කාර්යයන්හිදී අවශ්‍ය වන යාවත්කාලීන කළ තොරතුරු හා දත්ත දැන් එකම තැනකින්.
පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ cs.cp.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හා cs massage portal වෙත wahatsapp ඔස්සේ සම්බන්ධවීමෙන් මෙම පහසුකම ලබා ගත හැකි ය.
මධ්‍යම පළාත් පේෂකර්ම දෙපාර්තමේන්තුව හා සීමා සහිත සළුසල ආයතනය හා එක්ව වසර 06කට අධික කාලයක් අතහැර දමා තිබු අක්කර 1.5 ක භූමියක ස්ථාපිත ගලගෙදර නියංගොඩ සළුසල මධ්‍යස්ථානය පේෂකර්මාන්ත ශාලාව ආරම්භ කිරිම, ලංකා සළුසල හා අනුබද්ධ ආයතනයක් ලෙස ජනඅයිතියට පත්කිරීම මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි ස්වාමීන්වහන්සේ, ගරු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක දර්ශනපති කහගල සීලනන්ද ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (21) සිදුවිය.
මෙම ආයතනය සම්බන්ධයෙන් කැබිනට් තීන්දු කිහිපයක් ගෙන තිබුත්, එය නැවත ක්‍රියාත්මක කිරීමට නොහැකි ව පැවති අතර, ආණ්ඩුකාර ගමගේ මහතාගේ මැදිහත්වීමෙන් මධ්‍යස්ථානය යළි භාවිතයට ගැනීමට කටයුතු කර ඇත.
පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක මහතා මෙහිදී අදහස් දක්වමින් සදහන් කර සිටියේ,ඇස්තමේන්තුව මිලියන 15 ක් වූවත්, මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත වියදම මිලියනයකට සීමා කිරීමට හැකි වූ බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ගමගේ මහතා සදහන් කර සිටියේ, සියලු අංශ සමග ඒකබද්ධ වෙමින්, නම්‍යශීලි ලෙස කටයුතු කිරීම මගින් මෙම ආයතනය අඩු පිරිවැයක් දරමින්, කඩිනමින් මෙම පේෂකර්ම මධ්‍යස්ථානය විවෘත කිරීමට හැකියාව ලැබූ බවයි. "අපේකම" රැකගෙන කටයුතු කරන්නේනම්, දේශීය නිෂ්පාදන සදහා ඉහල අගයක් ලබාගත හැකි බවත්, ජීවත් වන මහපොලොවට ආදරය නොකරනතාක්, රට දියුණු කිරීමට අපහසු බවත්, ලෝකයේ දියුණු රාජ්‍යයන් එලෙස දියුණුවිමට ප්‍රධානතම සාධකය සිය රටට හිතැතිව කටයුතු කිරීම බවත්, ඉන්දුනීසියාවේ තමා සේවය කරන කාලයේ සිකුරාදා දිනය තුළ රාජ්‍ය සේවකයින් දේශීය ඇදුම් භාවිතා කිරීමේ ඉන්දුනීසියානු රජය ගත් පියවර එරට දේශීය ඇඟලුම් කර්මාන්තයේ ප්‍රගමනයට හේතු වූ බවත් පේෂකර්මය තුළ රටේ අනන්‍යතාව තහවුරු කරන අතරම විදේශීය විනිමය ඉපයීම සදහා හොඳ උපාය මාර්ගයක් ලෙස හදුනාගත හැකි බවත් නියංගොඩ පේෂකර්ම මධ්‍යස්ථානය ඒ සදහා හොඳ උදාහරණයක් වනු ඇති බවත් එය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන මැදිහත්වීම තමන් සිදුකරන බවත්ය.
මෙම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, තුම්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපති උපාලි කුමාරසිංහ යන මහත්වරුන් ඇතුලු මහජන නියෝජිතයින්, සළුසල ආයතනයේ සභාපති ඩෙන්සිල් ඉන්ද්‍රජිත්, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න යන මහත්වරුන් ඇතුලු රාජ්ය නිලධාරීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුහ .
පස්බාගෙ කෝරලේ ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය සදහා පරිගණක පුහුණු වැඩසටහනක් පසුගියදා ප්‍රධාන ලේකම් කාර්යාලයේ පිරිස් හා පුහුණු අංශයේ සංවර්ධන නිලධාරී ඒ.පී. ඉද්දමල්ගොඩ මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වුණි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරි සංගමය මගින් පැවැත්වූ ප්‍රශස්ත/ වාර්ෂික කාර්ය සාධන වාර්තා හා ගිණුම් සම්මාන තරගාවලියෙන් 2020 වර්ෂයේ අවසන් ගිණුම් සැකසීම වෙනුවෙන් පස්බාගෙ කෝරලේ ප්‍රාදේශීය සභාව සහතික පත්‍රයක් හිමිවිය. පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම සහතිකපත්‍රය පිරිනැමිණි.
ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය 2020 සම්මාන ප්‍රධානෝත්සවය පසුගිය දා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එහිදී පස්බාගෙ කෝරලේ ප්‍රාදේශීය සභාව තෙවන ස්ථානය දිනා ගන්නා ලදි.
- අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය සභාව හා මැටිහක්ක මහජන පුස්තකාලය මගින් ක්‍රියාත්මක කරන ලද ගෙවතු වගා වැඩසටහනක්.
- නාවුල ප්‍රාදේශීය සභාව මගින් ඩෙංගු මර්දනය කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්.
- මත්ද්‍රව්‍ය භාවිතා කිරීම වලකාලීම සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක්.
- පල්ලේපොල ප්‍රාදේශීය සභාව මගින් කාලින ඉහල යන ඩෙංගු උවදුර මර්දනය කිරීමේ වැඩටහනක්.
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
