උකුවෙල ප්‍රාදේශීය සභාව, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලය, පරිසර පොලිසිය හා ප්‍රජා සංවිධාන එක්ව වරකාමුර හා මීදෙනිය වසම්වල ඩෙංගු මර්දන වැඩසටහනක් හා කසල කළමණාකරණය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරේ.
උකුවෙල ප්‍රාදේශීය සභාව මගින් දෙමටගොල්ල අතුරු මාර්ගය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් සංවිධානය කෙරේ.
උකුවෙල ප්‍රාදේශීය සභාව මගින් උකුවෙල වාරියපොලවත්ත වසමේ කනදේනුවර මාර්ගය හා කොහොබිලිවෙල වසමේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාල මාර්ගය පවිත්‍ර කිරීම හා අපද්‍රව්‍ය එකතූ කිරීමේ වැඩසටහනක්
කාලීනව ඉහළයන ඩෙංගු උවදුර මර්දනය කිරීම සදහා කුණ්ඩසාල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ. වරාපිටිය ප්‍රදේශයේ ඩෙංගු මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන පසුගියදා පැවැත් විය.
පන්විල ප්‍රාදේශීය සභාව මගින් ප්‍රදේශයේ පෙරපාසල් දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම සහ ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ වැඩසටහනක් සංවිධානය කෙරේ
- ඇල්වල දෙල්ගහ පිහිල්ල හා පුංචි පිහිල්ල යන ජල මූලාශ්‍ර වල රක්ෂිත හදුනා ගැනීමේ වැඩසටහනක්
- ගැටඹේ රාජෝපවනාරම විහාරාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමලාභිධාන ස්වාමීන් වහන්සේ මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤඤ මහා නිකායේ අනුනායක පදවියට අභිනවයෙන් පත් කෙරේ.
- රිකිල්ලගස්කඩ රෝහලේ ඔක්සිජන් නිෂ්පාදනාගාරය හා නව සායන සංකීර්ණය විවෘත කෙරේ.
- දෙමළ භාෂා පුහුණුව පාඨමාලාව සාර්ථකව අවසන් කළ රාජ්‍ය නිලධාරීන් විසිර යාමේ උත්සවයක්
අනු-ප්රවර්ගයන්
සාමාන්‍ය පුවත්
සාමාන්‍ය පුවත්
