වෘත්තීය පුහුණු සහතික පත් පිරිනැමේ

වෘත්තීය පුහුණු සහතික පත් පිරිනැමේ. 

පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය  යටතේ ක්‍රියාත්මක හුරිකඩුව නැණෝදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලද තරුණ තරුණියන්  වෙත අදාළ සහතික පත් පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පිරි නැමිණි .

මෙය සංවිධානය කෙරුණේ ආණ්ඩුකාර ගමගේ මහතා එම ධුරයට පත්ව තෙවසරක් සපිරීම නිමිත්තෙනි.

ග්‍රාම සංවර්ධන පුහුණු පාඨමාලා සහතික පත් පිරිනැමේ

ග්‍රාම සංවර්ධන පුහුණු පාඨමාලා සහතික පත් පිරිනැමේ.

පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් ක්‍රියාත්මක  කාන්තා සංවර්ධන මධ්‍යස්ථානවල  සාමාජිකාවන් විසින් හදාරන ලද පුහුණු පාඨමාලා වෙනුවෙන් සහතික පත් පිරිනැමීම පසුගියදා  (06) පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ වැඩසටහනකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත්  යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

මෙම වැඩසටහන සංවිධානය කෙරුණේ ආණ්ඩුකාර ගමගේ මහතා එම ධුරයට පත්ව තෙවසරක් සපිරීම නිමිත්තෙනි.

පළාතේ දහම් පාසල් පුස්තකාල වෙත පොත් කට්ටල පිරිනැමේ

පළාතේ දහම් පාසල් පුස්තකාල වෙත පොත් කට්ටල පිරිනැමේ 

පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් හඳුනා ගත්  දහම් පාසල් පුස්තකාල  වෙත  වටිනා පොත් කට්ටල බෙදා දෙයි. පසුගියදා  (06) පල්ලේකැලේ මධ්‍යම පළාත් ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහනකදී මෙම කාර්යය සිදු කෙරිණි.

මෙය සංවිධානය කොට තිබුණේ  ආණ්ඩුකාර ගමගේ මහතා එම ධුරයට පත්ව තෙවසරක් සපිරීම නිමිති කොට ගෙන ය.

ඉඩම් ප්‍රදාන පත්‍ර බෙදා දීමක්

ඉඩම් ප්‍රදාන පත්‍ර බෙදා දීමක්

පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන පළාතේ ඉඩම් සඳහා නිල හිමිකම් තහවුරු කිරීමේ වැඩ පිළිවෙල යටතේ සංකේතාත්මකව ඉඩම් ප්‍රදාන පත්‍ර බෙදා දීමක් පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාව සංවිධානය කොට තිබුණේ පළාත් ආණ්ඩුකාර ගමගේ මහතා එම ධුරයට පත්ව තෙවසරක් සපිරීම නිමිති කොට ගෙන ය.

ගලේවෙල ප්‍රාදේශීය සභාවේ 2023 වර්ෂය සදහා වන අයවැය වැඩි චන්ද 15 කින් සභා සම්මත විය

ගලේවෙල ප්‍රාදේශීය සභාවේ 2023 වර්ෂය සදහා වන අයවැය වැඩි චන්ද 15 කින් සභා සම්මත විය.

පක්ෂ 21 

විපක්ෂ 06

නොපැමිණි 01

 

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook