මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුක්ත ගණකාධිකාරීවරුන් සදහා මාර්ගගත ප්‍රසම්පාදන ක්‍රියාවලිය

මධ්‍යම පළාත් සභාවේ සේවයේ නියුක්ත ගණකාධිකාරීවරුන් සදහා මාර්ගගත ප්‍රසම්පාදන ක්‍රියාවලිය (Electronic Government Procumbent – eGP) පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත්දා (29) පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ පරිගකගාරයේදී පැවැත් විය.

කාර්යයක්ෂම හා වඩා විනිවිධාභාවයෙන් සේවාවන් සැපයීම අරමුණු කර ගනිමින් මධ්‍යම පළාත් මුදල් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වීරබාහු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර පැවතුනි.

 

“මුලික විමර්ශන පැවැත්වීම” පිළිබද පුහුණු වැඩසටහනක්

“මුලික විමර්ශන පැවැත්වීම” පිළිබද පුහුණු වැඩසටහනක් !

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද “මුලික විමර්ශන පැවැත්වීම” පිළිබද පුහුණු වැඩසටහනක් ඉකුත්දා (29) පල්ලෙකැලේ පිහිටි කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේ දී පැවැත් වින.

රාජ්‍ය ආයතන මගින් සිදුකරනු ලබන විමර්ශන කාර්යයන් වඩා විධිමත්ව සිදුකිරීම සදහා නිලධාරින් පෙළගැස්වීම අරමුණුකරගෙන සංවිධානය වූ මෙම වැඩසටහන සදහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ මෙහෙයුම් මට්ටමේ නිලධාරින් සහභාගී විය.

මෙම වැඩසටහනේදී ආයතන සංග්‍රහයේ දෙවන පරිච්ජේදයේ 13 වන වගන්තිය ප්‍රකාරව එහි 47/48 වන පරිච්ජේදයන් හි ඇතුලත් විනය ක්‍රියාවලිය යටතේ මෙම මුලික විමර්ශන ක්‍රියාවලිය අර්ථ දක්වා ඇත. ඒ අනුව මුලික විමර්ශන කාර්යය සදහා වන නිමිත්ත , ගනු ලබන ක්‍රියාමාර්ග, පවතින න්‍යායාත්මක පසුබිම ,නීති රීති හා රෙගුලාසි, පරීක්ෂණය විධිමත්ව පැවැත්වීමට අදාළ සියලු කරුණු පිළිබදව දැනුම සහ පවතින ආකෘතිකමය පසුබිමත් , විමර්ශන නිලධාරියෙකුගේ වගකීම් සහගත බව මෙන්ම චෝදනා පත්‍රයක් නිකුත් කිරීම දක්වා වූ ක්‍රියාවලිය ඇතුලත්ව මුලික විමර්ශන සමස්ත ක්‍රියාවලිය පිළිබදව දැනුම ලබාදීම සිදු කරන ලදී.

මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේ විමර්ශන නිලධාරි මංජුල මල්ලවආරච්චි මහතා විසින් ලබාදෙන ලද අතර , මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරින.

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ...

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික එ්කාබද්ධ යාන්ත්‍රණය යටතේ නාඋල ප්‍රාදේශීය සභාව මඟින් රෝපණය කරන ලද කොස් පැල තවානෙන් කොස් පැළ සියයක්, දඹුල්ල පොලිසිය මගින් ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කරනු ලැබූ රුක්රෝපණ වැඩසටහන වෙනුවෙන් ලබාදීම.

නුවරඑළිය බස් නැවතුම් අර්බුදය විසඳන්න ආණ්ඩුකාරතුමන් මැදිහත් වෙයි..

නුවරඑළිය බස් නැවතුම් අර්බුදය විසඳන්න ආණ්ඩුකාරතුමන් මැදිහත් වෙයි..

නුවරඑළිය බස් නැවතුම්පොළ වෙත දුරගමන් සේවා බස් රථ ඇතුළු කිරීම සම්බන්ධව ඇතිවු ගැටළුව නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් පැවති සාකච්ඡාවක් පසුගිය (28) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ආශ්චර්ය ශාලාවේදි පැවැත්විණ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවති අතර උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් අදාල පාර්ශවයන්ගෙන් කරුණු විමසීමක් සිදුකෙරිණ.

මෙම ගැටළුව නිරාකරණය කිරීමට නුවරඑළිය මහ නගරසභාව මගින් කමිටුවක් පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩුකාරතුමන් නුවරඑළිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතාට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව නගරාධිපතිතුමන්ගේ සහ දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ මගපෙන්වීම යටතේ නාගරික කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලදි. එම කමිටුවට නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පතිතුමන් නියෝජනය කරමින් නියෝජිතයෙක් , ශ්‍රී.ලං.ග.ම නියෝජනය කරමින් නියෝජිතයින් තිදෙනෙක් සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවය නියෝජනය කරමින් නියෝජිතයින් තිදෙනෙක් පත්කරන ලදි.

මෙම ගැටළුව නිරාකරණය කිරීමට අදාල විසදුම් සති දෙකක් ඇතුලත තමන් වෙත ලබා දෙන ලෙස ආණ්ඩුකාරතුමන් කමිටුවට උපදෙස් ලබා දුන්නේය..

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය, නුවරඑළිය.

කුඩාඔය ගම්මානය සදහා coop city අලෙවිසැලක් .......

කුඩාඔය ගම්මානය සදහා coop city අලෙවිසැලක් .......

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුඩාඔය ගම්මානය සදහා කුඩාඔය සණස සංවර්ධන බැංකුව මගින් ඉදිකළ coop city අලවි සැලක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහහතාගේ සුරතින් ජනතා අයිතියට පැවරේ.

ගමේ පවතින ආර්ථික දුෂ්කරතා අවම කිරීම සදහා සහනදායි මිලකට භාණ්ඩ ලබාදීම සදහා සමුපකාරය ආරම්භ කල බවත් විවෘත ආර්ථිකය පැමිණිමත් සමග එය ගමෙන් ඈත්වූ බවත් නැවත ගොඩනැංවීමට රජය අවධානය යොමුවී ඇති බවත් පැවසිය.

මධ්‍යම පළාත තුල Coop City ග්‍රාමීයව වැඩි වශයෙන් ආරම්භ කිරීමට අවධානය යොමුකර ඇති බවත් එමගින් තමන්ගේ ප්‍රදේශවල නිෂ්පාදන අලෙවි කරන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරණ බව මෙහිදී ආණ්ඩුකාරවරයා පැවසිය .

 

 

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook