මාතලේ, බෝවත්ත ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහන විවෘත කෙරේ.

මාතලේ, බෝවත්ත ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහන විවෘත කෙරේ.

මාතලේ, බෝවත්ත ‘සහනෝදය’ ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහන ඊයේ (23) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන හා උපමාන පාදක අරමුදල් මගින් රුපියල් මිලියන 18.8 ක න් මුදලක් මේ සඳහා වැය කොට තිබේ. ඊට වැඩිහිටියන් ඇතුළත් කරගැනීම ඊයේ සිටම ආරම්භ කරන ලදී. අනතුරුව ආණ්ඩුකාර ගමගේ මහතා සත්කාරක නිවහන පරිශ්‍රය නිරීක්ෂණයටද සහභාගී විය. මෙය පරිපාලනය කෙරෙන්නේ පළාත් සමාජ සුබසාධන,පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේයි.

හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම මහතාගේ අදහසක් අනුව යි වතු බංගලාවක් සේ පැවති මෙම ගොඩනැගිල්ල ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහනක් සේ ප්‍රතිසංස්කරණය කළේ.

මේ මධ්‍යම පළාත් සභාව යටතේ ස්ථාපනය කරන පළමු ජ්‍යෙෂ්ඨ පුරවැසි සත්කාරක නිවහනයි. නේවාසික වැඩිහිටි කාන්තාවන් දසදෙනෙකු හා වැඩිහිටි පිරිමින් දස දෙනෙකුගෙන් යුක්තව මෙය ආරම්භ කිරීමට කටයුතු කෙරිණි .

දෙපාර්තමේන්තුව අදාළ අත්‍යාවශ්‍ය ස්ථාවර වත්කම් මිලදී ගනු ලැබ ඇත්තේ 2021 වර්ෂයේදීය. පළාත තුළ ඇති වෙනත් ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන සතු අතිරික්ත පාරිභෝගික ද්‍රව්‍ය හා උපකරණද මෙහි භාවිතය සඳහා ලබා ගැනීමට දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත. කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පුහුණුව හා නේවාසිකයන් සඳහා වූ ආහාර වට්ටෝරු සකස් කිරීමට අවශ්‍ය සහය ලබා ගෙන ඇත්තේ මාතලේ දිස්ත්‍රික් රෝහල වෙතිනි.

ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් නේවාසික වැඩිහිටියන් උදෙසා දානමය පුණ්‍යකර්මයක් ද සංවිධානය කරනු ලැබීය.

දෙපාර්තමේන්තුවේ සමාජ සේවා අංශය මගින් ලබා දුන් ඇස් කණ්ණාඩි, රෝද පුටු, අත්වාරු, කොමඩ් පුටු, ට්‍රයිසිකල් ආදී උපකරණ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත පිරිනැමීමටද ආණ්ඩුකාර ගමගේ මහතා එක්විය. එසේම යුනිසෙෆ් ආයතනයේ මැදහත්වීමෙන් වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීමක්ද සිදු කෙරිණි.

මෙයට සමගාමීව සමාජගත කළ දරුවන් පිරිසක් වෙත මූලික අවශ්‍යතා හා වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කිරීම වෙනුවෙන් වානේ මේස, අල්මාරි,මහන මැෂින් ආදී උපකරණ ලබාදීමටද පියවර ගෙන තිබිණි.

මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා අවධාරණය කළේ නිසි රැකවරණයක් නොමැති ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කෙරෙහි සමාජයේ සැලකිල්ල ඉහළින්ම යොමු විය යුතු බවයි.

මෙම අවස්ථාවට මාතලේ මහා නගර සභාවේ නගරාධිපති එස්. ප්‍රකාශ් හා හිටපු පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම යන මහත්වරුද, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාද, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඩි.එම්.සී.සී.කේ. ගුණරත්න මහත්මියද ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

'Hela Bojun Hala' opened in Aluvihare

අලුවිහාරේ ‘හෙළ බොජුන් හල’ විවෘත කෙරේ

අලුවිහාරේ ‘හෙළ බොජුන් හල’ විවෘත කෙරේ මාතලේ , අලුවිහාරේ ඉදි කළ ‘හෙළ බොජුන් හල’ ඊයේ (23) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් විවෘත කරනු ලැබී ය. දේශීය ආහාර පරිභෝජනය ප්‍රවර්ධනය හා අදාළ ව්‍යවසායකයන් දිරිගැන්වීම මෙහි ප්‍රධාන අරමුණ යි. මේ සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 12.86 ක මුදලක් වැය කොට තිබේ.මෙමඟින් ව්‍යවසායකයින් දස දෙනෙකුට දේශීය ආහාර නිෂ්පාදනයට හා අලෙවියට අවස්ථාව සැලසේ. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ දේශීය ආහාර සංස්කෘතියේ වැදගත්කම පිළිබඳ ව සියලුදෙනා අවධානය යොමු කළ යුතු බව යි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙම ව්‍යාපෘතිය ඊට මහෝපකාරී වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා හා මාතලේ නගරාධිපති එස්. ප්‍රකාශ් යන මහත්වරුද , මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය ඇතුළු ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද , ව්‍යවසායකයන් පිරිසක්ද සහභාගී වූහ.  

තැන්න ආයුර්වේද ග්‍රාමීය රෝහලේ නව බාහිර රෝගී අංශය ජනතා අයිතියට....

තැන්න ආයුර්වේද ග්‍රාමීය රෝහලේ නව බාහිර රෝගී අංශය ජනතා අයිතියට....

මාතලේ, තැන්න ආයුර්වේද ග්‍රාමීය රෝහලේ නව බාහිර රෝගී අංශය ඊයේ (23) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 15.6 කි. අරමුදල් සපයන ලද්දේ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන මගිනි.

මෙයට සමගාමීව රෝහල් පරිශ්‍රයේ දී රුක්රෝපණ වැඩසටහනක්ද සංවිධානය කොට තිබිණි.

ආණ්ඩුකාර ගමගේ මහතා වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ රෝහල නිරීක්ෂණයට එක්වෙමින් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ සුවදුක් විමසීමටද පියවර ගත්තේ ය.

මෙම අවස්ථාවට මාතලේ මහා නගර සභාවේ නගරාධිපති එස්. ප්‍රකාශ් , හිටපු මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම, මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපති ඩබ්ලිව්.එම්.යසමාන යන මහත්වරුද, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුජාතා විජේසිංහ, පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය සිසිර රණමෙරමුල්ල යන මහත්ම මහත්මීහුද , ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

 

ගමට තිලිණ කරන ස.ණ.ස. මිනි කෝප් සිටි වෙළෙඳ සැල

ආහාර සුරක්ෂිතතාව ජාතික වැඩසටහනට සමගාමීව දොඩම්දෙනිය , කන්දෙගෙදර ස.ණ. ස. සමිතිය මඟින් ගමට තිලිණ කරන ස.ණ.ස. මිනි කෝප් සිටි වෙළෙඳ සැල මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත්. යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (23) විවෘත කෙරිණි. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාද, පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් අමිල නවරත්න මහතා ද ඇතුළු පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

“රාජ්‍ය සේවය සදහා පුද්ගල සංවර්ධනය”  පිළිබද පුහුණු වැඩසටහනක් අද දින (23) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී පවත් වන ලදී.

“රාජ්‍ය සේවය සදහා පුද්ගල සංවර්ධනය”  පිළිබද පුහුණු වැඩසටහනක් අද දින (23) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී පවත් වන ලදී.

සේවා අභිමානයක් ඇති කරමින් නව නිර්මාණශීලි දැක්මක් සමගින් පුද්ගල සංවර්ධන ඇති කිරීමත් එමගින් ආයතනයන්හි කාර්යඵල ඉහළට ගෙන ඒමේ අපේක්ෂාවෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා මධ්‍යම පළාත් සභාවේ මෙහෙයුම් මට්ටමේ නිලධාරින් සහභාගී වූ අතර , මෙම වැඩසටහනේ සම්පත්දයකත්වය ඌව පළාත් සභාවේ මාර්ග සංවර්ධන  අමාත්‍යංශයේ හිටපු ලේකම් අබේසිංහ හදවලපිටිය මහතා විසින් සිදුකරන ලදී. 

මෙම වැඩසටහනේදී සුභවාදී ආකල්ප සංවර්ධනය කර ගන්නේ කෙසේද, පවතින අර්බුදයන් හමුවේ ජීවිතය හා රාජකාරි ජීවිතය ජයගැනීම සදහා වූ ප්‍රවේශ මාර්ගයන් හදුනා ගැනීම, සමාජ සංවර්ධන කාර්යය සදහා රාජ්‍ය සේවකයාගේ භූමිකාව වඩා අර්ථවත්ව ලබාදීමේ ප්‍රවේශයන් හදුනා ගැනීම , ධානාත්මකව සිතීමේ ප්‍රවේශනයන්, විකල්ප භාවිතයට හුරුවීම හා වෙනස්ව සිතීමට පෙළඹවීම, තරගකාරිතවයට නොව සාමුහිකත්වය වර්ධනයට වැඩි නැඹුරුවක් ඇති කිරීම හා සමාජ ධර්මතාවන්හි ධානාතමක බලපෑම ජීවිතය සාර්ථකත්වයට යොදා ගන්නා අයුරු පිළිබදව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් දැනුම ලබාදීම සිදු කෙරින.

රාජකාරි කටයුතු වඩා කාර්යක්ෂම හා ජනතා හිතවාදී ලෙස ඉටු කිරීමේදී කාලිනව  නිලධාරින් තුළ ගොඩනගාගත යුතු ආකල්පමය පරිවර්තයක්  ඇති කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) චන්දන වික්‍රමසුරිය මහතාගේ උපදෙස් මත, කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ මහත්මියගේ මෙහෙයවීමෙන් මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook