ධ්‍යම පළාත් රාජ්‍ය සේවය සදහා බදවා ගන්නා ලද නවක නිලධාරින් වෙනුවෙන් සංවිධානය කරන ලද අට වන සේවාරම්භක පුහුණු වැඩසටහනේ දෙවන දිනය

මධ්‍යම පළාත් රාජ්‍ය සේවය සදහා බදවා ගන්නා ලද නවක නිලධාරින් වෙනුවෙන් සංවිධානය කරන ලද අට වන සේවාරම්භක පුහුණු වැඩසටහනේ දෙවන දිනය අද දින (18 ) පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත් විය.

මෙම වැඩසටහනේ දී කාර්යාල කලමනාකරණය එහි මුලධර්ම හා කාර්යාල ක්‍රම පිළිබදව දැනුවත් කිරීම මධ්‍යම පළාත් නිවාස කොමසාරිස් කණිෂ්කා වඩුගොඩ මහත්මිය විසින් සිදුකරන ලද අතර දෙවන සැසිය ලෙස පළාත් සභාවේ මුල්‍ය කලමනාකරණ ව්‍යුහය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබදව දැනුවත් කිරීම පළාත් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මුල්‍ය කළමනාකරණ ) අබ්දුල් කාදර් මහතා විසින් සිදු කරන ලදී.

මධ්‍යම පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා සංවර්ධන නිලධාරින් හා කළමනාකරණ සේවා නිලධාරින් සහභාගී වූ අතර මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු ) චන්දන වික්‍රමසුරිය, කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ තිලිණි දෙහිගොල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

සියවසකට හිමිකම් කියන මහනුවර හිදගල සීවලී මහා විද්‍යාලයේ නවීකරණය කරන ලද පුස්තකාලය සිසු අයිතියට පැවරේ.

සියවසකට හිමිකම් කියන මහනුවර හිදගල සීවලී මහා විද්‍යාලයේ නවීකරණය කරන ලද පුස්තකාලය සිසු අයිතියට පැවරේ.

රුපියල් ලක්ෂ 40 ක පමණ මුදලක් වැය කොට අංග සම්පුර්ණ පුස්තකාලය ක් ලෙස මෙම පුස්තකාලය ගොඩ නගා ඇත. පාසලේ 1-13 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසුන් පන්සියය හැට හත්දෙනෙක් අධ්‍යාපනය හදාරන මහනුවර අධ්‍යාපන කලාපයට අයත් පාසලක් වන මෙම විදුහලේ වර්තමාන විදුහල්පති වරයා වන ජි.ජි.ඩි.එස්.කේ ගීකියනගේ මහතා මෑත කාලීනව නව මුහුණුවරක් පාසලට ලබා දීමටත් , විෂය සමගාමී අධ්‍යාපන කටයුතු සදහා මුලිකත්වය දෙමින් සහ පාසල් සංවර්ධනය , විෂය බාහිර ක්‍රියාකාරකම් සදහාත් විශේෂ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නංවා ඇත.

“ 21 වන සියවසට අදාළ කුසලතාවයන් උත්කර්ෂණයට පත් කිරීමට දරුවන් ඉංග්‍රීසි භාෂාවෙන් සවිබල ගැන්වීම” යන මුලික සන්නාමයක් හදුන්වා දෙමින් ප්‍රදේශයේ දරුවන් වෙනත් පාසල් වෙත ඇදී නොයා පාසල තුලම රදවා ගනිමින් යහපත් , ප්‍රසන්න වටපිටාවක , නිරවුල් මනසකින් යුතුව අනාගත අභියෝගයන් ට මුහුණ දිය හැකි දරු පිරිසක් සමාජගත කිරීම ඉලක්ක කෙරේ. මෙම ව්‍යාපෘතිය කෙටි කාලයක් තුල දරුවන්ට ගුණාත්මක පරිවර්තනයකට ප්‍රවේශයක් වී ඇති බවට විදුහල්පතිවරයා විශ්වාසය පල කළේය.

පුස්තකාල ගොඩනැගිල්ල තුල 03 ශ්‍රේණිය සදහා නව පංති කාමරයක් සහ කලක් භාවිතයට ගත නොහැකිව වසා දමා තිබු කාමරයක් ගුරූ විවෙකාගාරයක් ලෙස ද සංවර්ධනය කොට භාරදෙනු ලැබිය. ඒ සදහා ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් සහ වෙනත් සංවිධාන , පුද්ගල සහයෝගය මුල්‍ය සහ භෞතික ව ලැබිණි.

පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සුභාශිංසන පණිවුඩය සහ දරුවන් සදහා වන පොත් කට්ටලයක් ද පරිත්‍යාග කරමින් මෙම සිසු අයිතියට පැවරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් නිතීඥ ඇන්ටන් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙණි. ,මහනුවර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. බි විජේරත්න මහතා ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින් රැසකගේ සහ ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් මහිශ්වර කිරිදිගොඩ මහතා ද මෙම අවස්ථාවට එක්විය .

‘අතිපූජ්‍ය මහෝපාධ්‍යාය පදවිය’ පිරිනමන ලද වූ අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍යත්සවය

මැණික්හින්න , හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූළ මහා විහාරය,හාමින්දාගොඩ ශ්‍රී සුමනාරාමය,වරාපිටිය ශ්‍රී බෝධිරුක්ඛාරාමය යන විහාරයන්හි විහාරාධිපති, මහ/ ව/විද්‍යාසාගර මහා පිරිවෙන් කෘත්‍යාධිකාරී, වත්තේගම අධ්‍යාපන කලාපයේ විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ අතිපූජ්‍ය හුරිකදුවේ පවරසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඥ්ඥ මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ විශේෂාධිකාරී මණ්ඩලයේ හා කාරක - පාලක මහා සංඝ සභා වල සමානච්ඡන්දයෙන් ‘අතිපූජ්‍ය මහෝපාධ්‍යාය පදවිය’ පිරිනමන ලද බැවින් ඒ සඳහා වූ අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍යත්සවය ඊයේ (17) පස්වරුවේ හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරස්ථ ප්‍රධාන ධර්ම මන්දිරයේ දී මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් හා ගිහි ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

 

පදියපැලැල්ල ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උළෙල පැවැත්වේ

පදියපැලැල්ල ජාතික පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උළෙල පැවැත්වේ

හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ නු/පදියපැලැල්ල ජාතික පාසලේ 2022/2023 ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උළෙල ඊයේ (16) පෙරවරුවේ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ප්‍රධාන ශිෂ්‍ය නායක,ප්‍රධාන ශිෂ්‍ය නායිකා, උප ප්‍රධාන ශිෂ්‍ය නායක හා උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 61 දෙනෙකුට මෙහිදී ශිෂ්‍ය නායක නිල ලාංඡන පළඳවනු ලැබීය.

ප්‍රධාන ශිෂ්‍ය නායකයා වන්නේ ඩී.කේ.වෙලන්ගස්තැන්න ශිෂ්‍යයා යි. ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වන්නේ එස්.ඒ. ප්‍රේමසිරි ශිෂ්‍යාව යි.

නව ශිෂ්‍ය නායක මඬුල්ල හා සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද, විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ද, දෙමාපියන්ද අමතමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කියා සිටියේ පාසල් ශිෂ්‍ය නායක තනතුර යනු අනාගත සාර්ථකත්වය පිළිබිඹු කරන්නක් බව ය. මේ තමාගේද අත්දැකීමක් බව සිහිපත් කළ ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් වගකීම් සහගතව කටයුතු කරන්නට දැන් සිට ම මේ ශිෂ්‍ය නායක මඬුල්ල පියවර ගත යුතු ය යන්න යි. වර්තමානයේ සියලු ක්ෂේත්‍ර තුළ නායකත්වය ගෙන සිටින්නේ අතීත ශිෂ්‍ය නායක නායිකාවන් ය යන්න ද ඔහු අවධාරණය කළේ ය.

මේ අවස්ථාවට හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් අයි.එම්.සේනානායක, හඟුරන්කෙත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිලන්ති විජේතුංග, නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජේරත්න යන මහත්ම මහත්මීන්ද, ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමඟ අවට විදුහල් කිහිපයක ම විදුහල්පතිවරුද එක්ව සිටියහ.

විචිත්‍රාංග ගණනාවකින් ද සමන්විත වූ මේ උළෙල සංවිධානය කළේ විදුහල්පති ගාමිණී කහඳුගොඩ මහතාගේ මඟ පෙන්වීම යටතේ ය.

 

කොත්මලේ ප්‍රාදේශීය සභාව යටතේ ක්‍රියාත්මක වන හරන්ගල උප කාර්යාලයේ මහජන පුස්තකාලය මගින් හස්ත කර්මාන්ත පුහුණු වැඩමුළුවක්

කොත්මලේ ප්‍රාදේශීය සභාව යටතේ ක්‍රියාත්මක වන හරන්ගල උප කාර්යාලයේ මහජන පුස්තකාලය මගින් හස්ත කර්මාන්ත පුහුණු වැඩමුළුවක්

 

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook